Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #64 Translated in Sinhalese

وَهُوَ الَّذِي يَتَوَفَّاكُمْ بِاللَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُمْ بِالنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَىٰ أَجَلٌ مُسَمًّى ۖ ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
තවද රාත්‍රියෙහි නුඹලාව අත්පත් කර ගන්නේ ඔහුය. තවද දහවලෙහි නුඹලා ඉපැයූ දෑ ද ඔහු දනී. පසුව නියමිත කාලය පූර්ණ කරනු පිණිස ඔහු එහි නුඹලා ව අවදි කරවයි. පසුව නුඹලාගේ නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙතය. පසුව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි.
وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰ إِذَا جَاءَ أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ
තවද තම ගැත්තන්ට ඉහළින් සිට මර්දනය කරන්නා ඔහුය. තවද ඔහු නුඹලා වෙත ආරක්ෂකයින් (මලක්වරුන්) එවයි. අවසානයේ නුඹලාගෙන් කිසිවකු වෙත මරණය පැමිණි විට අපගේ සුරදූතවරුන් ඔහු ව අත්පත් කර ගනිති. තවද ඔවුහු (තම වගකීම්) පැහැර නොහරිති.
ثُمَّ رُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۚ أَلَا لَهُ الْحُكْمُ وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ
පසුව ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙතට නැවත යොමු කරනු ලබති. තීන්දුව ඔහු සතු යැයි දැන ගනු. තවද ඔහු විනිශ්චය කරන්නන්ගෙන් ඉතා වේගවත්ය.
قُلْ مَنْ يُنَجِّيكُمْ مِنْ ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعًا وَخُفْيَةً لَئِنْ أَنْجَانَا مِنْ هَٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ
ගොඩබිමේ හා මුහුදේ අන්ධකාරයන්ගෙන් (නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා බැගෑපත් ව හා රහසිගත ව “ඔහු අප ව මෙයින් මුදවා ගත්තේ නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු” යැයි පවසා ඔහුගෙන් නුඹලා අයැද සිටින විට නුඹලා ව මුදවා ගනුයේ කවුරුන්දැයි (නබිවරය !) විමසනු.
قُلِ اللَّهُ يُنَجِّيكُمْ مِنْهَا وَمِنْ كُلِّ كَرْبٍ ثُمَّ أَنْتُمْ تُشْرِكُونَ
එයින් ද සියලු ආපදාවන්ගෙන් ද නුඹලා ව මුදවා ගනුයේ අල්ලාහ්ය. නමුත් පසු ව නුඹලා ආදේශ තබන්නෙහුය යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: