Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #67 Translated in Sinhalese

قُلْ مَنْ يُنَجِّيكُمْ مِنْ ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعًا وَخُفْيَةً لَئِنْ أَنْجَانَا مِنْ هَٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ
ගොඩබිමේ හා මුහුදේ අන්ධකාරයන්ගෙන් (නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා බැගෑපත් ව හා රහසිගත ව “ඔහු අප ව මෙයින් මුදවා ගත්තේ නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු” යැයි පවසා ඔහුගෙන් නුඹලා අයැද සිටින විට නුඹලා ව මුදවා ගනුයේ කවුරුන්දැයි (නබිවරය !) විමසනු.
قُلِ اللَّهُ يُنَجِّيكُمْ مِنْهَا وَمِنْ كُلِّ كَرْبٍ ثُمَّ أَنْتُمْ تُشْرِكُونَ
එයින් ද සියලු ආපදාවන්ගෙන් ද නුඹලා ව මුදවා ගනුයේ අල්ලාහ්ය. නමුත් පසු ව නුඹලා ආදේශ තබන්නෙහුය යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ هُوَ الْقَادِرُ عَلَىٰ أَنْ يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِنْ فَوْقِكُمْ أَوْ مِنْ تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًا وَيُذِيقَ بَعْضَكُمْ بَأْسَ بَعْضٍ ۗ انْظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ لَعَلَّهُمْ يَفْقَهُونَ
නුඹලාට ඉහළින් හෝ නුඹලාගේ පාද යටින් හෝ දඬුවමක් නුඹලා වෙත එවීමටත් නැතහොත් නුඹලා කණ්ඩායම් බවට පත් කොට නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ දරුණුකම විඳවන්නට සැලැස් වීමටත් බලය ඇත්තා ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් වටහා ගත හැකි වනු පිණිස එම වදන් අප විස්තර කරනුයේ කෙසේදැ යි නුඹ අවධානයෙන් යුතු ව බලනු.
وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ ۚ قُلْ لَسْتُ عَلَيْكُمْ بِوَكِيلٍ
මෙය (අල් කුර්ආනය) සත්‍ය ව තිබියදී නුඹේ සමූහයා එය බොරු කළෝය. තවද “මම නුඹලා මත වූ භාර කරු නොවෙමි” යැයි (නබිවරය! ඔවුනට) නුඹ පවසනු.
لِكُلِّ نَبَإٍ مُسْتَقَرٌّ ۚ وَسَوْفَ تَعْلَمُونَ
සෑම පණිවිඩයකටම නියමිත කාලයක් ඇත. තවද (එය) නුඹලා මතු දැන ගනු ඇත.

Choose other languages: