Surah Al-Anaam Ayahs #39 Translated in Sinhalese
وَإِنْ كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَبْتَغِيَ نَفَقًا فِي الْأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاءِ فَتَأْتِيَهُمْ بِآيَةٍ ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَىٰ ۚ فَلَا تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ
ඔවුන්ගේ පිටුපෑම නුඹ වෙත දරුණු වූයේ නම් එවිට මහපොළොවෙහි උමගක් හෝ අහසෙහි ඉනිමගක් හෝ සොයා ඔවුන් වෙත නුඹ සාධකයක් රැගෙන ඒමට නුඹට හැකි වුවද (ඔවුන්ගේ පිටුපෑම එසේම පවතී) තවද අල්ලාහ් අභිමත කළේ නම් යහමඟ මත ඔවුන් එකට රැස් කරන්නට තිබුණි. එබැවින් නුඹ අඥානයින් අතුරින් නොවනු.
إِنَّمَا يَسْتَجِيبُ الَّذِينَ يَسْمَعُونَ ۘ وَالْمَوْتَىٰ يَبْعَثُهُمُ اللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ
ඔබට ප්‍රතිචාර දක්වනුයේ ශ්‍රවණය කරන්නෝ වෙති. (එසේ ශ්‍රවණය නොකරන්නන් මිය ගිය ඇත්තන් මෙනි. එසේ) මියගිය ඇත්තන් වනාහි අල්ලාහ් ඔවුන්ව නැවත නැගිටුවා පසුව ඔවුහු ඔහු වෙතට යොමු කරනු ලබති.
وَقَالُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۚ قُلْ إِنَّ اللَّهَ قَادِرٌ عَلَىٰ أَنْ يُنَزِّلَ آيَةً وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
තවද ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත සාධකයක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි විමසති. සැබැවින්ම අල්ලාහ් එසේ සාධකයක් පහළ කිරීමට බලය ඇත්තාය යැයි (නබිවරය!) නුඹ පවසනු. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ ۚ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ
ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියෙකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයන් මිස වෙනත් දෑ නොවෙති. පුස්තකයේ අපි කිසිවක් අත් නොහැරියෙමු. පසුව ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති.
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ ۗ مَنْ يَشَإِ اللَّهُ يُضْلِلْهُ وَمَنْ يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
අපගේ වදන් බොරු කළවුන් වනාහි අන්ධකාරයන් තුළ සිටින බිහිරෝ හා ගොළුවෝ වෙති. අල්ලාහ් අභිමත කරන අය නොමඟ යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය මත තබයි.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
