Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #40 Translated in Sinhalese

إِنَّمَا يَسْتَجِيبُ الَّذِينَ يَسْمَعُونَ ۘ وَالْمَوْتَىٰ يَبْعَثُهُمُ اللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ
ඔබට ප්‍රතිචාර දක්වනුයේ ශ්‍රවණය කරන්නෝ වෙති. (එසේ ශ්‍රවණය නොකරන්නන් මිය ගිය ඇත්තන් මෙනි. එසේ) මියගිය ඇත්තන් වනාහි අල්ලාහ් ඔවුන්ව නැවත නැගිටුවා පසුව ඔවුහු ඔහු වෙතට යොමු කරනු ලබති.
وَقَالُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۚ قُلْ إِنَّ اللَّهَ قَادِرٌ عَلَىٰ أَنْ يُنَزِّلَ آيَةً وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
තවද ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත සාධකයක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි විමසති. සැබැවින්ම අල්ලාහ් එසේ සාධකයක් පහළ කිරීමට බලය ඇත්තාය යැයි (නබිවරය!) නුඹ පවසනු. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ ۚ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ
ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියෙකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයන් මිස වෙනත් දෑ නොවෙති. පුස්තකයේ අපි කිසිවක් අත් නොහැරියෙමු. පසුව ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති.
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ ۗ مَنْ يَشَإِ اللَّهُ يُضْلِلْهُ وَمَنْ يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
අපගේ වදන් බොරු කළවුන් වනාහි අන්ධකාරයන් තුළ සිටින බිහිරෝ හා ගොළුවෝ වෙති. අල්ලාහ් අභිමත කරන අය නොමඟ යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය මත තබයි.
قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللَّهِ تَدْعُونَ إِنْ كُنْتُمْ صَادِقِينَ
"අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් නැතිනම් විනිශ්චය දිනය නුඹලා වෙත පැමිණියේ නම් අල්ලාහ් හැර වෙනත් අය නුඹලා අයැදින්නෙහුද? නුඹලා සත්‍යවන්තයින් ලෙස සිටියෙහු නම් (ඒ බව) මට දන්වා සිටින්නෙහුද? යැයි (නබිවරය!) නුඹ විමසනු.

Choose other languages: