Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #106 Translated in Sinhalese

ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ
ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමාන කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.
لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ ۖ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
සියළු දෘෂ්ඨීන් ඔහුව ග්‍රහණය නොකරයි. නමුත් ඔහු සියලු දෘෂ්ඨීන් ග්‍රහණය කරයි. තවද ඔහු සියුම් ඥානීය; සර්ව ප්‍රඥාවන්තය.
قَدْ جَاءَكُمْ بَصَائِرُ مِنْ رَبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ ۖ وَمَنْ عَمِيَ فَعَلَيْهَا ۚ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ
නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධක නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු එය (අධීක්ෂණය කොට) බලන්නේද එය ඔහුටම ය. නමුත් කවරෙකු (ඒ ගැන) අන්ධයකු මෙන් කටයුතු කරන්නේ ද එය ඔහුටම එරෙහිවය. තවද මම නුඹලාගේ ආරක්ෂකයා නොවෙමි. (යැයි නබිවරය! පවසනු.)
وَكَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ وَلِيَقُولُوا دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ
(නබිවරය! දේව ධර්මය දෙනු ලැබූ අයගෙන්) නුඹ හැදෑරුවෙහි යැයි ඔවුහු පැවසිය හැකි නිසාවෙන් හා එය වටහා ගන්නා ජනයාට අප පැහැදිලි කර දෙනු පිණිස මෙම සාධක අපි විවිධ අයුරින් මෙලෙස විස්තර කරන්නෙමු.
اتَّبِعْ مَا أُوحِيَ إِلَيْكَ مِنْ رَبِّكَ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දිව්‍ය පණිවිඩ වශයෙන් දෙනු ලැබූ දෑ නුඹ පිළිපදිනු. ඔහු හැර නැමදුම් ලබන කිසිවකු නොමැත. තවද දේවත්වය ආදේශ කරන්නන් හෙළා දකිනු.

Choose other languages: