Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #103 Translated in Sinhalese

وَهُوَ الَّذِي أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُخْرِجُ مِنْهُ حَبًّا مُتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِنْ طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ ۗ انْظُرُوا إِلَىٰ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ ۚ إِنَّ فِي ذَٰلِكُمْ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
අහසින් (වැසි) ජලය පහළ කළේ ඔහුය. පසු ව එමගින් සියලු දෑහි පැළෑටි අපි හට ගැන්වූයෙමු. පසු ව එයින් සරුසාර දෑ හට ගැන්වූයෙමු. (කරලෙහි) එකට බැඳුණු ධාන්‍ය ද ඉඳි ගසින් එහි අතුවල එල්ලී පවතින ඉඳි පොකුරුද සම පෙනුමැති (රසයෙන්) සමාන නොවූ මිදි, ඔලිව් හා දෙළුම් උයන් ද එයින් අපි හට ගන්වන්නෙමු. පල ගැන් වී එය ඉදෙන විට එහි පලතුරු දෙස අවධානයෙන් බලනු. සැබැවින්ම විශ්වාස කරන ජනයාට එහි සංඥාවන් ඇත.
وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ الْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَصِفُونَ
තවද ජින්වරුන් ව අල්ලාහ්ට හවුල් කරුවන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන් ව මවා ඇත්තේ ද ඔහුය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බවට ඔවුහු බොරු ගෙතුවෝය. ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු සුපිවිතුරුය; අති උත්තරීතරය.
بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُنْ لَهُ صَاحِبَةٌ ۖ وَخَلَقَ كُلَّ شَيْءٍ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
(ඔහු පූර්වාදර්ශයකින් තොර ව මවන) අහස්හි හා පොළොවෙහි උත්පාදකයාය. ඔහුට සහකාරියක් නොසිටියදී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේද? තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද සියලු දෑ පිළිබඳ ව ඔහු සර්වඥය.
ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ
ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමාන කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.
لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ ۖ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
සියළු දෘෂ්ඨීන් ඔහුව ග්‍රහණය නොකරයි. නමුත් ඔහු සියලු දෘෂ්ඨීන් ග්‍රහණය කරයි. තවද ඔහු සියුම් ඥානීය; සර්ව ප්‍රඥාවන්තය.

Choose other languages: