Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #104 Translated in Sinhalese

وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ الْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَصِفُونَ
තවද ජින්වරුන් ව අල්ලාහ්ට හවුල් කරුවන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන් ව මවා ඇත්තේ ද ඔහුය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බවට ඔවුහු බොරු ගෙතුවෝය. ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු සුපිවිතුරුය; අති උත්තරීතරය.
بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُنْ لَهُ صَاحِبَةٌ ۖ وَخَلَقَ كُلَّ شَيْءٍ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
(ඔහු පූර්වාදර්ශයකින් තොර ව මවන) අහස්හි හා පොළොවෙහි උත්පාදකයාය. ඔහුට සහකාරියක් නොසිටියදී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේද? තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද සියලු දෑ පිළිබඳ ව ඔහු සර්වඥය.
ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ
ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමාන කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.
لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ ۖ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
සියළු දෘෂ්ඨීන් ඔහුව ග්‍රහණය නොකරයි. නමුත් ඔහු සියලු දෘෂ්ඨීන් ග්‍රහණය කරයි. තවද ඔහු සියුම් ඥානීය; සර්ව ප්‍රඥාවන්තය.
قَدْ جَاءَكُمْ بَصَائِرُ مِنْ رَبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ ۖ وَمَنْ عَمِيَ فَعَلَيْهَا ۚ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ
නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධක නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු එය (අධීක්ෂණය කොට) බලන්නේද එය ඔහුටම ය. නමුත් කවරෙකු (ඒ ගැන) අන්ධයකු මෙන් කටයුතු කරන්නේ ද එය ඔහුටම එරෙහිවය. තවද මම නුඹලාගේ ආරක්ෂකයා නොවෙමි. (යැයි නබිවරය! පවසනු.)

Choose other languages: