Surah Al-Ahqaf Ayahs #20 Translated in Sinhalese
أُولَٰئِكَ الَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا وَنَتَجَاوَزُ عَنْ سَيِّئَاتِهِمْ فِي أَصْحَابِ الْجَنَّةِ ۖ وَعْدَ الصِّدْقِ الَّذِي كَانُوا يُوعَدُونَ
ඔවුන් සිදු කළ අලංකාර දෑ ඔවුන්ගෙන් අප පිළිගත් අය ඔවුහුමය. තවද අපි ඔවුන්ගේ පාපකම් නොසළකා හරිමු. (ඔවුහු) ස්වර්ගවාසීහු අතරය. (එය) ඔවුනට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි සත්‍යයේ ප්‍රතිඥාවක් වශයෙනි.
وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَكُمَا أَتَعِدَانِنِي أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ الْقُرُونُ مِنْ قَبْلِي وَهُمَا يَسْتَغِيثَانِ اللَّهَ وَيْلَكَ آمِنْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
තවද තම දෙමාපියන්ට (නොමනා වචනයෙන්) ‘චී’ යැයි පැවසූ කෙනෙකු “නුඹ දෙදෙනා මා (මිනි වළෙන්) ගොඩ ගනු ලබනු ඇතැයි පවසා මා බිය වද්දන්නෙහු ද? මට පෙර ද පරම්පරාවන් ඉකුත් ව ගොස් ඇතැ”යි පැවසීය. තවද ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් උදව් පතමින් “නුඹට විනාශයයි. නුඹ විශ්වාස කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි.” පැවසූ විට ඔහු “මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැතැ”යි පැවසීය.
أُولَٰئِكَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ
තමන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් අතරින් වූ සමූහයන් අතරය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූවෝය.
وَلِكُلٍّ دَرَجَاتٌ مِمَّا عَمِلُوا ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَالَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ
සෑම කෙනෙකුටම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නොලබති.
وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُمْ بِهَا فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَفْسُقُونَ
තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින, නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා ඉවත් කර ගෙන ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොර ව උඩඟුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදුකරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්‍රතිඵල වශයෙන් දෙනු ලබන්නෙහුය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
