Quran Apps in many lanuages:

Surah Al-Ahqaf Ayahs #22 Translated in Sinhalese

أُولَٰئِكَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ
තමන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් අතරින් වූ සමූහයන් අතරය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූවෝය.
وَلِكُلٍّ دَرَجَاتٌ مِمَّا عَمِلُوا ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَالَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ
සෑම කෙනෙකුටම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නොලබති.
وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُمْ بِهَا فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَفْسُقُونَ
තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින, නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා ඉවත් කර ගෙන ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොර ව උඩඟුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදුකරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්‍රතිඵල වශයෙන් දෙනු ලබන්නෙහුය.
وَاذْكُرْ أَخَا عَادٍ إِذْ أَنْذَرَ قَوْمَهُ بِالْأَحْقَافِ وَقَدْ خَلَتِ النُّذُرُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ
තවද ආද්ගේ සහෝදරයා වැලිකඳු මත සිට තම ජනයාට අවවාද කළ අවස්ථාව නුඹ මෙනෙහි කරනු. ඔහුට පෙර ද ඔහුට පසු ද මෙවන් අවවාද කරන්නන් ඉකුත් ව ගොස් ඇත. “අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවකුට) නැමදුම් නොකරනු. නියත වශයෙන්ම මහත් වූ දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි” (යැයි ඔහු පැවසීය).
قَالُوا أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ آلِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසුවෝය.

Choose other languages: