Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #178 Translated in Sinhalese

فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللَّهِ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ
එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නොවීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය.
إِنَّمَا ذَٰلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
සැබැවින් ම එලෙස ය ෂෙයිතාන් තම මිතුරන් ගැන බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. තවද නුඹලා විශ්වාස කළවුන් ලෙස සිටියෙහු නම් නුඹලා මට බිය වනු.
وَلَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ ۚ إِنَّهُمْ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا ۗ يُرِيدُ اللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِي الْآخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
දේවත්වය ප්‍රතික්ෂේප කිරීමෙහි යුහුසුලු ව කටයුතු කරන අය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නොහැක්කේ ම ය. ඔවුනට මතු ලොවෙහි කොටසක් ඇති නොකිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
إِنَّ الَّذِينَ اشْتَرَوُا الْكُفْرَ بِالْإِيمَانِ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
නියත වශයෙන් ම දේව විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය මිලට ගත්තවුන් වනාහි අල්ලාහ්ට යම් හානියක් සිදු කිරීමට ඔවුන් හට නොහැක්කේ ම ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا ۚ وَلَهُمْ عَذَابٌ مُهِينٌ
ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට අප කල් දීම තමන්ට යහපතක් යැයි ඔවුන් නොසිතිය යුතුය. අප එසේ ඔවුනට කල් දෙනුයේ ඔවුන් අධික ව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන් හට නින්දා සහගත දඬුවම ඇත.

Choose other languages: