Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #179 Translated in Sinhalese

إِنَّمَا ذَٰلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
සැබැවින් ම එලෙස ය ෂෙයිතාන් තම මිතුරන් ගැන බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. තවද නුඹලා විශ්වාස කළවුන් ලෙස සිටියෙහු නම් නුඹලා මට බිය වනු.
وَلَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ ۚ إِنَّهُمْ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا ۗ يُرِيدُ اللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِي الْآخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
දේවත්වය ප්‍රතික්ෂේප කිරීමෙහි යුහුසුලු ව කටයුතු කරන අය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නොහැක්කේ ම ය. ඔවුනට මතු ලොවෙහි කොටසක් ඇති නොකිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
إِنَّ الَّذِينَ اشْتَرَوُا الْكُفْرَ بِالْإِيمَانِ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
නියත වශයෙන් ම දේව විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය මිලට ගත්තවුන් වනාහි අල්ලාහ්ට යම් හානියක් සිදු කිරීමට ඔවුන් හට නොහැක්කේ ම ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا ۚ وَلَهُمْ عَذَابٌ مُهِينٌ
ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට අප කල් දීම තමන්ට යහපතක් යැයි ඔවුන් නොසිතිය යුතුය. අප එසේ ඔවුනට කල් දෙනුයේ ඔවුන් අධික ව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන් හට නින්දා සහගත දඬුවම ඇත.
مَا كَانَ اللَّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَىٰ مَا أَنْتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ ۗ وَمَا كَانَ اللَّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَٰكِنَّ اللَّهَ يَجْتَبِي مِنْ رُسُلِهِ مَنْ يَشَاءُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرُسُلِهِ ۚ وَإِنْ تُؤْمِنُوا وَتَتَّقُوا فَلَكُمْ أَجْرٌ عَظِيمٌ
අල්ලාහ් කිලිටි දැයින් පිවිතුරු දෑ වෙන් කරන තෙක් නුඹලා (දැනට) කවර තත්ත්වයක පසු වන්නේ ද එවන් තත්ත්වයක ම විශ්වාසවන්තයින් ව අතහැර දමන්නට නොවීය. එමෙන් ම අදෘශ්‍යමාන දෑ නුඹලාට පෙන්වා දෙන්නට ද අල්ලාහ්ට නොවීය. එනමුත් තම ධර්ම දූතයින්ගෙන් තමන් අභිමත කළ අයව අල්ලාහ් තෝරා ගන්නේ ය. එබැවින් නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ ධර්ම දූතයින් ව ද විශ්වාස කරනු. නුඹලා විශ්වාස කර; බිය බැතිමත් වන්නේ නම් එවිට නුඹලාට මහත් වූ ප්‍රතිඵල ඇත.

Choose other languages: