Surah Aal-E-Imran Ayahs #158 Translated in Sinhalese
ثُمَّ أَنْزَلَ عَلَيْكُمْ مِنْ بَعْدِ الْغَمِّ أَمَنَةً نُعَاسًا يَغْشَىٰ طَائِفَةً مِنْكُمْ ۖ وَطَائِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنْفُسُهُمْ يَظُنُّونَ بِاللَّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ ۖ يَقُولُونَ هَلْ لَنَا مِنَ الْأَمْرِ مِنْ شَيْءٍ ۗ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ لِلَّهِ ۗ يُخْفُونَ فِي أَنْفُسِهِمْ مَا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا ۗ قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
අනතුරු ව එම තැවුලෙන් පසුව ඔහු නුඹලා වෙත සහනයක් ලබා දෙන සුළු නින්දක් පහළ කළේය. එය නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරගත්තේය. තවද (තවත්) පිරිසක්, ඔවුන්ගේ සිත් ඔවුන් කෙරෙහි ම ශෝකය ඇති කළේය. ඔවුහු අඥාන යුගයේ සිතුවිලි මෙන් අල්ලාහ් ගැන සත්‍ය නොවන දෑ සිතමින් “මෙම විෂයෙහි යම් (ජයග්‍රාහී) කරුණක් අපට ඇත්තේ දැ” යි විමසති. සියලු කරුණු අල්ලාහ්ට යැයි පවසනු. නුඹට හෙළි නොකරන දෑ ඔවුහු ඔවුන්ගේ සිත් තුළ සඟවා ගනිති. අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නොවන්නෙමු යැයි පවසති. නුඹලා නුඹලාගේ නිවෙස් වල සිටිය ද ඝාතනය කරනු ලැබීමට නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේමය යැයි (නබිවරය) නුඹ පවසනු. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානී ය.
إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا ۖ وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ ۗ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
නියත වශයෙන් ම දෙපිරිස මුණ ගැසුණු දින නුඹලා අතරින් පිටු පා හැරී ගියවුන් වන ඔවුනට ෂෙයිතාන් ලිස්සා (මඟ හැර) යන්නට හැරියේ ඔවුන් ඉපැයූ ඇතැම් කරුණු හේතු වෙනි. තවද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය; ඉතා ඉවසිලිවන්ත ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ كَفَرُوا وَقَالُوا لِإِخْوَانِهِمْ إِذَا ضَرَبُوا فِي الْأَرْضِ أَوْ كَانُوا غُزًّى لَوْ كَانُوا عِنْدَنَا مَا مَاتُوا وَمَا قُتِلُوا لِيَجْعَلَ اللَّهُ ذَٰلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ ۗ وَاللَّهُ يُحْيِي وَيُمِيتُ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
අහෝ විශ්වාස කළවුනි! ප්‍රතික්ෂේප කළවුන් මෙන් නුඹලා නොවනු. තවද ඔවුහු තමන්ගේ සහෝදරයින් හට; මහපොළොවෙහි ඔවුන් ගමන් කළ විට හෝ යුද බටයින් ලෙස සිටින විට ඔවුන් අප සමඟ සිටියේ නම් මරණයට පත් නොවනු ඇත. එමෙන්ම ඝාතනය කරනු නොලබනු ඇත යැයි පැවසූහ. අල්ලාහ් මෙසේ කරන්නේ, ඔවුන්ගේ සිත් තුළ ශෝකය ඇති කරනු පිණිස ය. තවද අල්ලාහ් ජීවය දෙයි, මරණයට පත් කරයි. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
وَلَئِنْ قُتِلْتُمْ فِي سَبِيلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ අල්ලාහ්ගෙන් වූ සමාව ද කරුණාව ද ඔවුන් රැස් කරන දෑ ට වඩා අති උතුම් ය.
وَلَئِنْ مُتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى اللَّهِ تُحْشَرُونَ
තවද නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ නුඹලා ඝාතනය කරනු ලැබුවෙහු නම් හෝ නුඹලා අල්ලාහ් වෙත එක් රැස් කරනු ලබන්නෙහුය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
