Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #159 Translated in Sinhalese

إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا ۖ وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ ۗ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
නියත වශයෙන් ම දෙපිරිස මුණ ගැසුණු දින නුඹලා අතරින් පිටු පා හැරී ගියවුන් වන ඔවුනට ෂෙයිතාන් ලිස්සා (මඟ හැර) යන්නට හැරියේ ඔවුන් ඉපැයූ ඇතැම් කරුණු හේතු වෙනි. තවද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය; ඉතා ඉවසිලිවන්ත ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ كَفَرُوا وَقَالُوا لِإِخْوَانِهِمْ إِذَا ضَرَبُوا فِي الْأَرْضِ أَوْ كَانُوا غُزًّى لَوْ كَانُوا عِنْدَنَا مَا مَاتُوا وَمَا قُتِلُوا لِيَجْعَلَ اللَّهُ ذَٰلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ ۗ وَاللَّهُ يُحْيِي وَيُمِيتُ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
අහෝ විශ්වාස කළවුනි! ප්‍රතික්ෂේප කළවුන් මෙන් නුඹලා නොවනු. තවද ඔවුහු තමන්ගේ සහෝදරයින් හට; මහපොළොවෙහි ඔවුන් ගමන් කළ විට හෝ යුද බටයින් ලෙස සිටින විට ඔවුන් අප සමඟ සිටියේ නම් මරණයට පත් නොවනු ඇත. එමෙන්ම ඝාතනය කරනු නොලබනු ඇත යැයි පැවසූහ. අල්ලාහ් මෙසේ කරන්නේ, ඔවුන්ගේ සිත් තුළ ශෝකය ඇති කරනු පිණිස ය. තවද අල්ලාහ් ජීවය දෙයි, මරණයට පත් කරයි. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
وَلَئِنْ قُتِلْتُمْ فِي سَبِيلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ අල්ලාහ්ගෙන් වූ සමාව ද කරුණාව ද ඔවුන් රැස් කරන දෑ ට වඩා අති උතුම් ය.
وَلَئِنْ مُتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى اللَّهِ تُحْشَرُونَ
තවද නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ නුඹලා ඝාතනය කරනු ලැබුවෙහු නම් හෝ නුඹලා අල්ලාහ් වෙත එක් රැස් කරනු ලබන්නෙහුය.
فَبِمَا رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ ۖ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ ۖ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ
අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුනට මෘදු ව කටයුතු කළෙහිය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත් ව යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු. (විවිධ) කටයුතු වල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු. නුඹ ස්ථීර කළේ නම් එවිට අල්ලාහ් වෙත භාර කරනු. නියත වශයෙන් ම අල්ලාහ් (එසේ) භාර කරන්නන් ව ප්‍රිය කරන්නේය.

Choose other languages: