Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #151 Translated in Sinhalese

وَمَا كَانَ قَوْلَهُمْ إِلَّا أَنْ قَالُوا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ටත් අප විෂයෙහි සිදු වන සීමාව ඉක්මවීම් වලටත් අපට සමාව දෙනු මැනව! තවද අපගේ පාද ස්ථාවර කරනු මැනව! ප්‍රතික්ෂේප කළ ජනයාට එරෙහි ව ද අපට උදව් කරනු මැනව! යනුවෙන් පැවසීම මිස ඔවුන්ගේ වෙනත් වදනක් නොවීය.
فَآتَاهُمُ اللَّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الْآخِرَةِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
එවිට අල්ලාහ් මෙලොව ප්‍රතිඵල ද මතු ලොව යහපත් ප්‍රතිඵල ද ඔවුනට පිරිනැමීය. තවද අල්ලාහ් දැහැමියන් ව ප්‍රිය කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا الَّذِينَ كَفَرُوا يَرُدُّوكُمْ عَلَىٰ أَعْقَابِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ප්‍රතික්ෂේප කළවුනට අවනත වන්නේ නම් ඔවුන් නුඹලා ව නුඹලාගේ විලුඹු මත නැවත ආපස්සට හරවනු ඇත. එවිට නුඹලා පරාජතයින් ලෙස නැවත හැරෙන්නෙහුය.
بَلِ اللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ خَيْرُ النَّاصِرِينَ
නමුත් නුඹලාගේ භාරකරු අල්ලාහ් ය. ඔහු උදව් කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයා ය.
سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا ۖ وَمَأْوَاهُمُ النَّارُ ۚ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ
කවර දෙයක් සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් අල්ලාහ් ප්‍රතික්ෂේප කළවුන්ට පහළ නොකළේ ද, එවැනි දෙයක් ඔවුහු ඔහුට ආදේශ තැබූ හේතුවෙන්, ප්‍රතික්ෂේප කළවුන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරුවන්ගේ නවාතැන ඉතා නපුරු ය.

Choose other languages: