Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #153 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا الَّذِينَ كَفَرُوا يَرُدُّوكُمْ عَلَىٰ أَعْقَابِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ප්‍රතික්ෂේප කළවුනට අවනත වන්නේ නම් ඔවුන් නුඹලා ව නුඹලාගේ විලුඹු මත නැවත ආපස්සට හරවනු ඇත. එවිට නුඹලා පරාජතයින් ලෙස නැවත හැරෙන්නෙහුය.
بَلِ اللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ خَيْرُ النَّاصِرِينَ
නමුත් නුඹලාගේ භාරකරු අල්ලාහ් ය. ඔහු උදව් කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයා ය.
سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا ۖ وَمَأْوَاهُمُ النَّارُ ۚ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ
කවර දෙයක් සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් අල්ලාහ් ප්‍රතික්ෂේප කළවුන්ට පහළ නොකළේ ද, එවැනි දෙයක් ඔවුහු ඔහුට ආදේශ තැබූ හේතුවෙන්, ප්‍රතික්ෂේප කළවුන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරුවන්ගේ නවාතැන ඉතා නපුරු ය.
وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُمْ بِإِذْنِهِ ۖ حَتَّىٰ إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ ۚ مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنْكُمْ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ
ඔහුගේ අනුමැතියෙන් නුඹලා ඔවුන් ව මරා දැමූ අවස්ථාවේදී අල්ලාහ් සැබැවින් ම ඔහුගේ ප්‍රතිඥාව සැබෑ කළේය. අවසානයේදී නුඹලා පරාජයට පත් වී නුඹලා වෙත පැනවූ අණ පිළිබඳ මත භේද ඇති කරගත්තෝය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන් වූ පසු ව ද නුඹලා පිටුපෑවෝය. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසු ව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලා ව ඔවුන්ගෙන් හැරෙව්වේය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේය. තවද අල්ලාහ් විශ්වාස කළවුන් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත ය.
إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَىٰ أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِكَيْلَا تَحْزَنُوا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ ۗ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
ධර්ම දූතයා (මුහම්මද්) නුඹලා පිටුපසින් සිට නුඹලා කැඳවමින් සිටිය දී, කිසිවකු දෙස හැරී නොබලා නුඹලා (කන්ද ට) නැග ගිය සැටි මෙනෙහි කර බලනු. මේ හේතුවෙන් නුඹලාට ද තැවුලෙන් තැවුල විපාක දුන්නේය. කුමක් නිසාද යත් නුඹලාට අත පසු වූ දෙය ගැනද නුඹලාට හටගත් සිදුවීම ගැනද නුඹලා ශෝකයට පත් නොවනු පිණිසයි. අල්ලාහ් නුඹලා කරන දේ ගැන මහා ප්‍රඥාවන්ත ය.

Choose other languages: