Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #155 Translated in Sinhalese

سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا ۖ وَمَأْوَاهُمُ النَّارُ ۚ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ
කවර දෙයක් සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් අල්ලාහ් ප්‍රතික්ෂේප කළවුන්ට පහළ නොකළේ ද, එවැනි දෙයක් ඔවුහු ඔහුට ආදේශ තැබූ හේතුවෙන්, ප්‍රතික්ෂේප කළවුන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරුවන්ගේ නවාතැන ඉතා නපුරු ය.
وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُمْ بِإِذْنِهِ ۖ حَتَّىٰ إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ ۚ مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنْكُمْ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ
ඔහුගේ අනුමැතියෙන් නුඹලා ඔවුන් ව මරා දැමූ අවස්ථාවේදී අල්ලාහ් සැබැවින් ම ඔහුගේ ප්‍රතිඥාව සැබෑ කළේය. අවසානයේදී නුඹලා පරාජයට පත් වී නුඹලා වෙත පැනවූ අණ පිළිබඳ මත භේද ඇති කරගත්තෝය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන් වූ පසු ව ද නුඹලා පිටුපෑවෝය. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසු ව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලා ව ඔවුන්ගෙන් හැරෙව්වේය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේය. තවද අල්ලාහ් විශ්වාස කළවුන් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත ය.
إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَىٰ أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِكَيْلَا تَحْزَنُوا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ ۗ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
ධර්ම දූතයා (මුහම්මද්) නුඹලා පිටුපසින් සිට නුඹලා කැඳවමින් සිටිය දී, කිසිවකු දෙස හැරී නොබලා නුඹලා (කන්ද ට) නැග ගිය සැටි මෙනෙහි කර බලනු. මේ හේතුවෙන් නුඹලාට ද තැවුලෙන් තැවුල විපාක දුන්නේය. කුමක් නිසාද යත් නුඹලාට අත පසු වූ දෙය ගැනද නුඹලාට හටගත් සිදුවීම ගැනද නුඹලා ශෝකයට පත් නොවනු පිණිසයි. අල්ලාහ් නුඹලා කරන දේ ගැන මහා ප්‍රඥාවන්ත ය.
ثُمَّ أَنْزَلَ عَلَيْكُمْ مِنْ بَعْدِ الْغَمِّ أَمَنَةً نُعَاسًا يَغْشَىٰ طَائِفَةً مِنْكُمْ ۖ وَطَائِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنْفُسُهُمْ يَظُنُّونَ بِاللَّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ ۖ يَقُولُونَ هَلْ لَنَا مِنَ الْأَمْرِ مِنْ شَيْءٍ ۗ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ لِلَّهِ ۗ يُخْفُونَ فِي أَنْفُسِهِمْ مَا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا ۗ قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
අනතුරු ව එම තැවුලෙන් පසුව ඔහු නුඹලා වෙත සහනයක් ලබා දෙන සුළු නින්දක් පහළ කළේය. එය නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරගත්තේය. තවද (තවත්) පිරිසක්, ඔවුන්ගේ සිත් ඔවුන් කෙරෙහි ම ශෝකය ඇති කළේය. ඔවුහු අඥාන යුගයේ සිතුවිලි මෙන් අල්ලාහ් ගැන සත්‍ය නොවන දෑ සිතමින් “මෙම විෂයෙහි යම් (ජයග්‍රාහී) කරුණක් අපට ඇත්තේ දැ” යි විමසති. සියලු කරුණු අල්ලාහ්ට යැයි පවසනු. නුඹට හෙළි නොකරන දෑ ඔවුහු ඔවුන්ගේ සිත් තුළ සඟවා ගනිති. අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නොවන්නෙමු යැයි පවසති. නුඹලා නුඹලාගේ නිවෙස් වල සිටිය ද ඝාතනය කරනු ලැබීමට නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේමය යැයි (නබිවරය) නුඹ පවසනු. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානී ය.
إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا ۖ وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ ۗ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
නියත වශයෙන් ම දෙපිරිස මුණ ගැසුණු දින නුඹලා අතරින් පිටු පා හැරී ගියවුන් වන ඔවුනට ෂෙයිතාන් ලිස්සා (මඟ හැර) යන්නට හැරියේ ඔවුන් ඉපැයූ ඇතැම් කරුණු හේතු වෙනි. තවද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය; ඉතා ඉවසිලිවන්ත ය.

Choose other languages: