Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #125 Translated in Sinhalese

وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
(නබිවරය! උහද් ) යුද්ධය සඳහා නියමිත ස්ථානයන්හි විශ්වාස කළ අයව ව සීරුවෙන් තැබීම පිණිස නුඹගේ පවුලෙන් උදෑසන පිටත් ව ගිය අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
إِذْ هَمَّتْ طَائِفَتَانِ مِنْكُمْ أَنْ تَفْشَلَا وَاللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
නුඹලා අතරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත් ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ්ය. එබැවින් විශ්වාස කළවුන් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහි ම ය.
وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ ۖ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලා දුබලයින් ව සිටිය දී ඇත්තෙන්ම අල්ලාහ් බද්ර් (සටනෙ) හි නුඹලාට උදව් කළේය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු.
إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَنْ يَكْفِيَكُمْ أَنْ يُمِدَّكُمْ رَبُّكُمْ بِثَلَاثَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُنْزَلِينَ
මලක්වරුන් අතරින් තුන් දහසක පිරිසක් පහළ කර නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නොවන්නේ දැ යි දේව විශ්වාස කළ අයට (නබිවරය) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
بَلَىٰ ۚ إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَٰذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ
නොඑසේ ය. නුඹලා ඉවසා බිය බැතිමත් වී නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණික ව (ප්‍රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුධ) සලකුණු තබනු ලැබූ මලක්වරු පන් දහසක් මඟින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.

Choose other languages: