Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #127 Translated in Sinhalese

وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ ۖ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලා දුබලයින් ව සිටිය දී ඇත්තෙන්ම අල්ලාහ් බද්ර් (සටනෙ) හි නුඹලාට උදව් කළේය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු.
إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَنْ يَكْفِيَكُمْ أَنْ يُمِدَّكُمْ رَبُّكُمْ بِثَلَاثَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُنْزَلِينَ
මලක්වරුන් අතරින් තුන් දහසක පිරිසක් පහළ කර නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නොවන්නේ දැ යි දේව විශ්වාස කළ අයට (නබිවරය) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
بَلَىٰ ۚ إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَٰذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ
නොඑසේ ය. නුඹලා ඉවසා බිය බැතිමත් වී නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණික ව (ප්‍රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුධ) සලකුණු තබනු ලැබූ මලක්වරු පන් දහසක් මඟින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.
وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ بِهِ ۗ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
නුඹලාට ශුභාරංචියක් ලෙස හා එමගින් නුඹලාගේ හදවත් සන්සුන් වනු පිණිස මිස අල්ලාහ් එය සිදු කළේ නැත. සර්ව බලධාරී ප්‍රඥාවන්ත අල්ලාහ් අබියසින් මිස එම උපකාරය නොවීය.
لِيَقْطَعَ طَرَفًا مِنَ الَّذِينَ كَفَرُوا أَوْ يَكْبِتَهُمْ فَيَنْقَلِبُوا خَائِبِينَ
(එය) ප්‍රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීම සඳහා හා ඔවුන් ව නින්දාවට පත් කර පසුව ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යාම සඳහාය.

Choose other languages: