Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #129 Translated in Sinhalese

بَلَىٰ ۚ إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَٰذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ
නොඑසේ ය. නුඹලා ඉවසා බිය බැතිමත් වී නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණික ව (ප්‍රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුධ) සලකුණු තබනු ලැබූ මලක්වරු පන් දහසක් මඟින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.
وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ بِهِ ۗ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
නුඹලාට ශුභාරංචියක් ලෙස හා එමගින් නුඹලාගේ හදවත් සන්සුන් වනු පිණිස මිස අල්ලාහ් එය සිදු කළේ නැත. සර්ව බලධාරී ප්‍රඥාවන්ත අල්ලාහ් අබියසින් මිස එම උපකාරය නොවීය.
لِيَقْطَعَ طَرَفًا مِنَ الَّذِينَ كَفَرُوا أَوْ يَكْبِتَهُمْ فَيَنْقَلِبُوا خَائِبِينَ
(එය) ප්‍රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීම සඳහා හා ඔවුන් ව නින්දාවට පත් කර පසුව ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යාම සඳහාය.
لَيْسَ لَكَ مِنَ الْأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ
ඔවුනට ඔහු සමාව දීම ගැන හෝ ඔවුනට ඔහු දඬුවම් කිරීම ගැන හෝ නුඹට කිසිදු බලයක් නැත. හේතුව සැබැවින් ම ඔවුහු අපරාධකරුවෝ ය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. ඔහු අභිමත කළ අයට සමාව දෙන්නේය. අභිමත කළ අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.

Choose other languages: