Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #11 Translated in Sinhalese

لَقَدْ كَانَ فِي يُوسُفَ وَإِخْوَتِهِ آيَاتٌ لِلسَّائِلِينَ
සැබැවින්ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් තිබේ..
إِذْ قَالُوا لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَالٍ مُبِينٍ
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී පවා අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන්ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහිය’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
اقْتُلُوا يُوسُفَ أَوِ اطْرَحُوهُ أَرْضًا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا مِنْ بَعْدِهِ قَوْمًا صَالِحِينَ
නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස නුඹලා යූසුෆ් ව මරා දමනු. නැතහොත් යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහු ව විසි කර දමනු. තවද ඔහුගෙන් පසු ව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත.
قَالَ قَائِلٌ مِنْهُمْ لَا تَقْتُلُوا يُوسُفَ وَأَلْقُوهُ فِي غَيَابَتِ الْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ السَّيَّارَةِ إِنْ كُنْتُمْ فَاعِلِينَ
ඔවුන් අතරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීයේය. නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ් ව මරා නොදමා නුඹලා ඔහු ව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහු ව අහුළා ගනු ඇත.
قَالُوا يَا أَبَانَا مَا لَكَ لَا تَأْمَنَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُ لَنَاصِحُونَ
අහෝ අපගේ පියාණනි! යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අප ව විශ්වාස නොකර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන්ම අපි ඔහුට (යහපත) උපදෙස් දෙනන්නන් ම වෙමු යැයි ඔවුහු පැවසූහ.

Choose other languages: