Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #66 Translated in Sinhalese

وَقَالَ لِفِتْيَانِهِ اجْعَلُوا بِضَاعَتَهُمْ فِي رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَا إِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ
තවද ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලු වලම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කීය.
فَلَمَّا رَجَعُوا إِلَىٰ أَبِيهِمْ قَالُوا يَا أَبَانَا مُنِعَ مِنَّا الْكَيْلُ فَأَرْسِلْ مَعَنَا أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُ لَحَافِظُونَ
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි අපගේ පියාණනි, (මින් ඉදිරියට ධාන්‍ය) කිරා දීම අප වෙත වළක්වන ලදී. එබැවින් අප සමග අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්‍ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන්ම අපි ඔහු ව ආරක්ෂා කරන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
قَالَ هَلْ آمَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَا أَمِنْتُكُمْ عَلَىٰ أَخِيهِ مِنْ قَبْلُ ۖ فَاللَّهُ خَيْرٌ حَافِظًا ۖ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ
මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලා ව මම විශ්වාස කළාක් මෙන් මොහු කෙරෙහි ද නුඹලා ව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය.
وَلَمَّا فَتَحُوا مَتَاعَهُمْ وَجَدُوا بِضَاعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ ۖ قَالُوا يَا أَبَانَا مَا نَبْغِي ۖ هَٰذِهِ بِضَاعَتُنَا رُدَّتْ إِلَيْنَا ۖ وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍ ۖ ذَٰلِكَ كَيْلٌ يَسِيرٌ
තවද ඔවුන්ගේ මලු ඔවුහු විවෘත කළ කල්හි ඔවුන් වෙත ආපසු දෙන ලද ඔවුන්ගේ භාණ්ඩ ඔවුහු දුටුවෝය. අපගේ පියාණනි, මෙය අපි නොපැතුවෙමු, නමුත් අපගේ භාණ්ඩ අපට නැවත දෙන ලැබ ඇත. තවද අපි (මින් ඉදිරියට) අපගේ පවුලට ආහාර රැගෙන එන්නෙමු. තවද අපගේ සහෝදරයාව ද රැක බලා ගන්නෙමු. ඔටු (මත පටවන) බරට අපි අධික ව ලබා ගන්නෙමු. එය පහසු කිරුම් බරකි යැයි පැවසුවෝය.
قَالَ لَنْ أُرْسِلَهُ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًا مِنَ اللَّهِ لَتَأْتُنَّنِي بِهِ إِلَّا أَنْ يُحَاطَ بِكُمْ ۖ فَلَمَّا آتَوْهُ مَوْثِقَهُمْ قَالَ اللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ
මොහු ව මා වෙත (නැවත) ගෙන එන බවට අල්ලාහ් වෙතින් නුඹලා මට ප්‍රතිඥාවක් දෙන තෙක් මම ඔහු ව නුඹලා සමග කිසිවිටෙක නොයවමි. නමුත් නුඹලාට (යම් නපුරක්) වට කර ගනු ලැබුවොත් මිස යැයි ඔහු පැවසීය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිඥාව ඔවුහු ඔහුට දුන් කල්හි අප පවසන දෑ කෙරෙහි අල්ලාහ් භාරකරු යැයි ඔහු කීවේය.

Choose other languages: