Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #23 Translated in Sinhalese

وَجَاءَتْ سَيَّارَةٌ فَأَرْسَلُوا وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُ ۖ قَالَ يَا بُشْرَىٰ هَٰذَا غُلَامٌ ۚ وَأَسَرُّوهُ بِضَاعَةً ۚ وَاللَّهُ عَلِيمٌ بِمَا يَعْمَلُونَ
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේය. ඔවුනට ජලය සපයන්නකු ව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටු ව (ළිඳට) දැමුවේය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහු ව ද සඟවා ගත්තෝය. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُودَةٍ وَكَانُوا فِيهِ مِنَ الزَّاهِدِينَ
තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි ගණනකට ඔහු ව විකුණා දැමුවෝය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීන වූවන් අතරින් වූහ.
وَقَالَ الَّذِي اشْتَرَاهُ مِنْ مِصْرَ لِامْرَأَتِهِ أَكْرِمِي مَثْوَاهُ عَسَىٰ أَنْ يَنْفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ وَلِنُعَلِّمَهُ مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ ۚ وَاللَّهُ غَالِبٌ عَلَىٰ أَمْرِهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
තවද මිස්රයේ දී ඔහු ව මිලට ගත් අය තම බිරිය අමතා මොහුගේ නවාතැන ගෞරවයෙන් රැක බලා ගනු. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු යැයි පැවසුවේය. අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ එලෙසය. තවද අපි ඔහුට සිදුවීම් වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නාය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
وَلَمَّا بَلَغَ أَشُدَّهُ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
තවද ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ.
وَرَاوَدَتْهُ الَّتِي هُوَ فِي بَيْتِهَا عَنْ نَفْسِهِ وَغَلَّقَتِ الْأَبْوَابَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ اللَّهِ ۖ إِنَّهُ رَبِّي أَحْسَنَ مَثْوَايَ ۖ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
තවද ඇය ඇයගේ නිවසේ විසූ ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) පොළඹවා දොරටු වසා ගෙන තමන් අසලට පැමිණෙන්නැයි පැවසුවාය. අල්ලාහ්ගේ ආරක්ෂාව වේවා. නියත වශයෙන්ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය අලංකාරවත් කළේය. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි ඔහු පැවසීය.

Choose other languages: