Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #17 Translated in Sinhalese

قَالَ إِنِّي لَيَحْزُنُنِي أَنْ تَذْهَبُوا بِهِ وَأَخَافُ أَنْ يَأْكُلَهُ الذِّئْبُ وَأَنْتُمْ عَنْهُ غَافِلُونَ
නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන්ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නොසැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය.
قَالُوا لَئِنْ أَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّا إِذًا لَخَاسِرُونَ
අපි (ශක්තිමත්) කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහු ව කා දැමුවේ නම් නියත වශයෙන්ම අපි එවිට අලාභවන්තයෝ වෙමු යැයි ඔවුහු පැවසූහ.
فَلَمَّا ذَهَبُوا بِهِ وَأَجْمَعُوا أَنْ يَجْعَلُوهُ فِي غَيَابَتِ الْجُبِّ ۚ وَأَوْحَيْنَا إِلَيْهِ لَتُنَبِّئَنَّهُمْ بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ
ඔවුහු ඔහු ව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහු ව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන්ම ඔවුන් නොදැන සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.
وَجَاءُوا أَبَاهُمْ عِشَاءً يَبْكُونَ
තවද ඔවුහු හඩා වැළපෙමින් අඳුරු සමයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝය.
قَالُوا يَا أَبَانَا إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِنْدَ مَتَاعِنَا فَأَكَلَهُ الذِّئْبُ ۖ وَمَا أَنْتَ بِمُؤْمِنٍ لَنَا وَلَوْ كُنَّا صَادِقِينَ
‘අපගේ පියාණනි! නියත වශයෙන්ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමග යූසුෆ් ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහු ව කා දැමීය. අපි සත්‍යවාදීන් ව සිටිය ද ඔබ අප ව විශ්වාස කරන්නකු නොවනු ඇතැයි’ ඔවුහු පැවසුවෝය.

Choose other languages: