Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #105 Translated in Sinhalese

رَبِّ قَدْ آتَيْتَنِي مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِي مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ ۚ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ أَنْتَ وَلِيِّي فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ تَوَفَّنِي مُسْلِمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ
මාගේ පරමාධිපතියාණනි! ඔබ මට රාජ්‍ය බලයෙන් කොටසක් පිරිනැමුවෙහිය. තවද සිදුවීම් වල යථාර්ථය ඉගැන්වූවෙහිය. අහස් හා පොළොවේ නිර්මාපකයාණනි! මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙස මරණයට පත් කරනු මැනව! තවද දැහැමියන් සමග මා එක් කරනු මැනව! (යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේය.)
ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوا أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ
(නබිවරය,) මෙය අපි නුඹ වෙත දන්වා සිටින අදෘෂ්‍යමාන පුවත් අතරිනි. තවද ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නොවීය.
وَمَا أَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ
තවද නුඹ කෙතරම් ආශා කළ ද ජනයා අතරින් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
وَمَا تَسْأَلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ
තවද මේ සඳහා නුඹ කිසිදු කුලියක් ඔවුන්ගෙන් නොපතන්නෙහිය. මෙය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.
وَكَأَيِّنْ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ
අහස්හි හා මහපොළොවේ කෙතරම් නම් සාධක වී ද? නමුත් ඔවුහු ඒ ගැන පිටුපාමීන් ඒ හරහා ගමන් කරති.

Choose other languages: