Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #107 Translated in Sinhalese

وَمَا أَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ
තවද නුඹ කෙතරම් ආශා කළ ද ජනයා අතරින් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
وَمَا تَسْأَلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ
තවද මේ සඳහා නුඹ කිසිදු කුලියක් ඔවුන්ගෙන් නොපතන්නෙහිය. මෙය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.
وَكَأَيِّنْ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ
අහස්හි හා මහපොළොවේ කෙතරම් නම් සාධක වී ද? නමුත් ඔවුහු ඒ ගැන පිටුපාමීන් ඒ හරහා ගමන් කරති.
وَمَا يُؤْمِنُ أَكْثَرُهُمْ بِاللَّهِ إِلَّا وَهُمْ مُشْرِكُونَ
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා, ඔවුන් ආදේශ කරන්නන් ලෙස සිටිමින් මිස අල්ලාහ් ව විශ්වාස නොකරති.
أَفَأَمِنُوا أَنْ تَأْتِيَهُمْ غَاشِيَةٌ مِنْ عَذَابِ اللَّهِ أَوْ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
අල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු හැඟීමකින් තොරව සිටිය දී හදිසියේම අවසන් හෝරාව පැමිණීම ගැන හෝ ඔවුහු අභයදායී ව සිටින්නෝ ද?

Choose other languages: