Quran Apps in many lanuages:

Surah Yunus Ayahs #11 Translated in Sinhalese

إِنَّ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا وَرَضُوا بِالْحَيَاةِ الدُّنْيَا وَاطْمَأَنُّوا بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ
අපගේ හමුව අපේක්ෂා නොකරන, මෙලොව ජීවිතය ගැන තෘප්තිමත් වී එහි ගිලී සිටියවුන් හා අපගේ වදන් ගැන අනවධානී ව සිටියවුන් වනාහි;
أُولَٰئِكَ مَأْوَاهُمُ النَّارُ بِمَا كَانُوا يَكْسِبُونَ
ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන්, ඔවුන්ගේ නවාතැන (නිරා) ගින්න වූ අය ඔවුහුමය.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ ۖ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ඔවුනට ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් මඟ පෙන්වනු ඇත. සැපවත් ස්වර්ග උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති.
دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ ۚ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
එහි ඔවුන්ගේ පැතුම වනුයේ “අහෝ අල්ලාහ්! ඔබ සුපිවිතුරුය” යන්නයි. තවද එහි ඔවුන්ගේ ආචාරය වනුයේ “සලාම් (ශාන්තිය)” යන්නයි. ඔවුන්ගේ පැතුමෙහි අවසානය වනුයේ “නියත වශයෙන්ම සියලු ප්‍රශංසා විශ්වයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සතුය” යන්නයි.
وَلَوْ يُعَجِّلُ اللَّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُمْ بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
ජනයා යහපත ඉක්මනින් පතනවාක් මෙන් ම අල්ලාහ් ද (ඔවුන් උපයා ගත් දෑහි) නපුර ඔවුනට ඉක්මන් කළේ නම් ඔවුන්ගේ අවසන් කාලය ඔවුන් වෙත තීන්දු කරනු ලබන්නට තිබුණි. එබැවින් අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි අයාලේ යන්නට අපි හරින්නෙමු.

Choose other languages: