Quran Apps in many lanuages:

Surah Ta-Ha Ayahs #44 Translated in Sinhalese

إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَنْ يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ
නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්නදැයි’ ඇය පැවසුවාය. පසු ව අපි ඇය දුක් නොවනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹ ව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්නදැයි’ ඇය පැවසුවාය. පසු ව අපි ඇය දුක් නොවනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹ ව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ජීවිතයක් මරා දැමුවෙහිය. පසු ව එම පීඩනයෙන් අපි නුඹ ව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මගින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසු ව අහෝ මූසා! නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහිය.මරා දැමුවෙහිය. පසු ව එම පීඩනයෙන් අපි නුඹ ව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මගින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසු ව අහෝ මූසා, නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහිය.
وَاصْطَنَعْتُكَ لِنَفْسِي
තවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹ ව සූදානම් කළෙමි.
اذْهَبْ أَنْتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي
නුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමග පිටත් ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නොවනු.
اذْهَبَا إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ
නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
فَقُولَا لَهُ قَوْلًا لَيِّنًا لَعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ
එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ ඔහු බියවන්නට හෝ පුළුවන.

Choose other languages: