Quran Apps in many lanuages:

Surah Saba Ayahs #14 Translated in Sinhalese

وَلَقَدْ آتَيْنَا دَاوُودَ مِنَّا فَضْلًا ۖ يَا جِبَالُ أَوِّبِي مَعَهُ وَالطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ الْحَدِيدَ
තවද සැබැවින්ම අපි අපගෙන් වූ භාග්යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමග නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු.
أَنِ اعْمَلْ سَابِغَاتٍ وَقَدِّرْ فِي السَّرْدِ ۖ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ بَصِيرٌ
(ආරක්ෂිත යුද) සන්නාහ තනනු. තවද (ඒවායෙහි) පුරුක් තුළ ප්‍රමාණයට සකස් කරනු. තවද නුඹලා යහකම් සිදු කරනු. නියත වශයෙන්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක වෙමි.
وَلِسُلَيْمَانَ الرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ ۖ وَمِنَ الْجِنِّ مَنْ يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِ ۖ وَمَنْ يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِيرِ
තවද සුලෙයිමාන්ට සුළඟ ද (දවසකින් මාස දෙකක ගමන් කරන දුරක් අපි වසඟ කර දුනිමු.) එහි උදෑසන ගමන මසක දුරකි. තවද එහි සවස ගමන මසක දුරකි. තවද අපි ඔහුට තඹ උල්පත ගලන්නට සැලැස්වූයෙමු. තවද ජින් වර්ගයා අතරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද විය. ඔවුන් අතරින් කවරෙකු අපගේ නියෝගයෙන් පෙරළී යන්නේ ද ඇවිළෙන ගින්නේ දඬුවම ඔහුට භුක්ති විඳින්නට සලස්වමු.
يَعْمَلُونَ لَهُ مَا يَشَاءُ مِنْ مَحَارِيبَ وَتَمَاثِيلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَاسِيَاتٍ ۚ اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا ۚ وَقَلِيلٌ مِنْ عِبَادِيَ الشَّكُورُ
උස් ගොඩනැගිලි, ප්‍රතිමා, තටාක වැනි පාත්ර, (ආහාර පිසීම සඳහා) කල්දේරම් වැනි දැයින් ඔහු අභිමත කරන දෑ ඔවුහු ඔහුට සාදා දෙති. දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. තවද මාගේ ගැත්තන් අතරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි.
فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنْسَأَتَهُ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَنْ لَوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ
අපි ඔහු කෙරෙහි මරණය තීන්දු කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳ ව ඔහුගේ සැරයටිය සපාකන භූමියේ කෘමීන් හැර අන් කිසිවක් ඔවුන් වෙත දැනුම් දුන්නේ නැත. ඔහු බිම ඇද වැටුණු කල්හි “අදෘශ්යමාන දෑ පිළිබඳ තමන් දැන සිටියේ නම් තමන් නින්දාසහගත දඬුවමෙහි රැඳී සිටින්නට නොතිබුණි” යැයි ජින්වවරුන්ට පැහැදිලි විය.

Choose other languages: