Surah Ibrahim Ayahs #48 Translated in Sinhalese
وَأَنْذِرِ النَّاسَ يَوْمَ يَأْتِيهِمُ الْعَذَابُ فَيَقُولُ الَّذِينَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ نُجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُمْ مِنْ قَبْلُ مَا لَكُمْ مِنْ زَوَالٍ
තවද ඔවුන් වෙත දඬුවම පැමිණෙන දිනය පිළිබඳ නුඹ ජනයාට අවවාද කරනු. එවිට අපගේ පරමාධිපතියාණනි! ටික කලකට අප ව ප්‍රමාද කරනු මැනව! එවිට ඔබේ ඇරයුමට අපි පිළිතුරු දෙන්නෙමු. තවද පණිවිඩකරුවන් ව අනුගමනය කරන්නෙමු යැයි අපරාධ කළවුන් පවසති. මීට පෙර නුඹලාට කිසිදු විනාශයක් නොවනු ඇතැයි නුඹලා දිවුරා නොසිටියෙහු ද?
وَسَكَنْتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنْفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالَ
තවද තමන්ටම අපරාධ කළවුන්ගේ වාසස්ථාන වල නුඹලා වාසය කර ඇත්තාහුය. තවද ඔවුනට අප සිදු කළේ කෙසේදැයි නුඹලාට පැහැදිලි විය. තවද අපි නුඹලාට උදාහරණ ගෙන හැර පෑවෙමු. (යැයි ඔවුනට කියනු ලැබේ.)
وَقَدْ مَكَرُوا مَكْرَهُمْ وَعِنْدَ اللَّهِ مَكْرُهُمْ وَإِنْ كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ الْجِبَالُ
තවද ඔවුහු ඔවුන්ගේ කුමන්ත්‍රණය සැබැවින්ම සැලසුම් කළෝය. තවද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඉන් කඳු ඉවත් වන තරම් වුව ද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇත්තේ අල්ලාහ් අබියසය.
فَلَا تَحْسَبَنَّ اللَّهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انْتِقَامٍ
තම පණිවිඩකරුවන් ට කළ ප්‍රතිඥාව කඩ කරන්නෙකු ලෙස නුඹ අල්ලාහ් ගැන නොසිතිය යුතු වේ. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; සම ප්‍රතිචාර දක්වන්නාය.
يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتُ ۖ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
එදින මහපොළොව වෙනත් පොළොවක් ලෙස ද අහස් ද (එලෙසම) පෙරළනු ලැබේ. තවද බල පරාක්‍රමයාණන් වූ ඒකීය අල්ලාහ් ඉදිරියට ඔවුහු පැමිණෙනු ඇත.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
