Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #81 Translated in Sinhalese

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින්ම අපි නුඹට පෙන්වනුයේ අප ඔවුනට ප්‍රතිඥා දුන් දෑ හි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි නුඹ මරණයට පත් කරන්නෙමු. පසුව ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَصَصْنَا عَلَيْكَ وَمِنْهُمْ مَنْ لَمْ نَقْصُصْ عَلَيْكَ ۗ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ فَإِذَا جَاءَ أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ
නුඹට පෙර ධර්ම දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතරින් අපි නුඹ වෙත කතා විස්තර කළ අය වෙති. තවද නුඹ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු ධර්ම දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී ව්‍යාජව කටයුතු කරන්නෝ පරාජිත වූවෝ ය.
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَنْعَامَ لِتَرْكَبُوا مِنْهَا وَمِنْهَا تَأْكُلُونَ
ඒවායෙහි නුඹලා ප්‍රවාහනය කරනු පිණිසත් ඒවායින් නුඹලා අනුභව කරනු පිණිසත් නුඹලා වෙනුවෙන් ගොවිපළ සතුන් ඇති කළේ අල්ලාහ්ය.
وَلَكُمْ فِيهَا مَنَافِعُ وَلِتَبْلُغُوا عَلَيْهَا حَاجَةً فِي صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ
තවද නුඹලාට එහි ප්‍රයෝජන ද ඇත. තවද නුඹලාගේ හදවත් තුළ ඇති අවශ්යතා ඒවා වෙතින් ලබා ගනු පිණිසත් (ඇති කළේ අල්ලාහ්ය.) තවද ඒවා මත හා නැව් මත නුඹලා උසුලනු ලබන්නෙහුය.
وَيُرِيكُمْ آيَاتِهِ فَأَيَّ آيَاتِ اللَّهِ تُنْكِرُونَ
ඔහුගේ සංඥා ඔහු නුඹලාට පෙන්වයි. එවිට නුඹලා හෙළා දකිනුයේ අල්ලාහ්ගේ කවර සංඥාවන් ද?

Choose other languages: