Quran Apps in many lanuages:

Surah Fussilat Ayahs #43 Translated in Sinhalese

وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خَاشِعَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ الَّذِي أَحْيَاهَا لَمُحْيِي الْمَوْتَىٰ ۚ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
තවද මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන්ම ඒවාට ජීවය දුන් අය මළවුනට ද ජීවය දෙන්නාමය. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا ۗ أَفَمَنْ يُلْقَىٰ فِي النَّارِ خَيْرٌ أَمْ مَنْ يَأْتِي آمِنًا يَوْمَ الْقِيَامَةِ ۚ اعْمَلُوا مَا شِئْتُمْ ۖ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
නියත වශයෙන්ම අපගේ වදන්වල විකෘති කරන්නන් අප වෙතින් සැඟ ව යන්නන් නොවෙති. වඩාත් ශ්රේෂ්ඨ වනුයේ (නිරා) ගින්නට හෙළනු ලබන්නා ද එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිත ව පැමිණෙන්නා ද? නුඹලා කැමති දේ කරනු. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකය.
إِنَّ الَّذِينَ كَفَرُوا بِالذِّكْرِ لَمَّا جَاءَهُمْ ۖ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ
නියත වශයෙන්ම ඔවුන් වෙත අනුශාසනාව පැමිණි කල්හි එය ප්‍රතික්ෂේප කළවුන් ද (මතු ලොවෙහි දඬුවම් කරනු ලබන්නෝ වෙති.) තවද නියත වශයෙන්ම එය අති බලගතු ග්‍රන්ථයකි.
لَا يَأْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ ۖ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ
එය (අනුශාසනා සහිත ග්‍රන්ථය)ට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්ය දෑ ඒ වෙත නොපැමිණෙනු ඇත. එය මහා ප්‍රඥාවන්ත ප්‍රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි.
مَا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِنْ قَبْلِكَ ۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ
නුඹට පෙර සිටි ධර්ම දූතවරුන්ට පවසනු ලැබූ දෑ මිස (වෙනෙකක්) ඔබ වෙත පවසනු නොලැබෙයි. නියත වශයෙන්ම ඔබේ පරමාධිපති සමාව දෙන්නාය. වේදනීය දඬුවම දෙන්නාය.

Choose other languages: