Quran Apps in many lanuages:

Surah Fussilat Ayahs #33 Translated in Sinhalese

وَقَالَ الَّذِينَ كَفَرُوا رَبَّنَا أَرِنَا اللَّذَيْنِ أَضَلَّانَا مِنَ الْجِنِّ وَالْإِنْسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ الْأَسْفَلِينَ
තවද “අපගේ පරමාධිපතියාණනි! ජින්වරුන් හා මිනිසුන්ගෙන් අප ව නොමග යැවූ දෙවර්ගය අපහට පෙන්වනු මැනව! ඔවුන් දෙවර්ගය පහත් වූවන් අතරට පත්වනු පිණිස අපි අපගේ දෙපා යටට ඔවුන්ව පත් කරන්නෙමු” යැයි ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ
“නියත වශයෙන්ම අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි පවසා පසු ව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුන් වෙත “නුඹලා බිය නොවනු. තවද දුක් නොවනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්රීති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත.
نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنْفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි නුඹලාගේ මිතුරන් අපි වෙමු. නුඹලාගේ සිත් ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා පතන දෑ ද එහි නුඹලාට ඇත.
نُزُلًا مِنْ غَفُورٍ رَحِيمٍ
එය අතික්ෂමාශීලී මහාකරුණාන්විතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි.
وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ
තවද “අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට නියත වශයෙන්ම මම අවනත වන්නන් අතරින් වෙමි” යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?

Choose other languages: