Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #27 Translated in Sinhalese

اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا مَثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ اللَّهِ ۚ ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاءُ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
නැවත නැවතත් ප්‍රකාශ වන; එකිනෙකට සමාන; ධර්මයක් ලෙස අලංකාර කතාව ඔහු පහළ කළේය. තම පරමාධිපතිට බියවන්නන්ගේ හම් එමගින් කිළිපොළා යනු ඇත. පසු ව ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා මොළොක් වනු ඇත. එය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන අයට එමගින් ඔහු මග පෙන්වනු ඇත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද ඔහුට කිසිදු මග පෙන්වන්නකු නැත.
أَفَمَنْ يَتَّقِي بِوَجْهِهِ سُوءَ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَقِيلَ لِلظَّالِمِينَ ذُوقُوا مَا كُنْتُمْ تَكْسِبُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නපුරු දඬුවමින් තමන්ව ආරක්ෂා කරගන්නා (සුරක්ෂිතව ස්වර්ගයට පිවිසෙන අයෙකු ට සමාව වන්නේ) ද? “නුඹලා උපයමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිනු” යැයි අපරාධකරුවන්ට කියනු ලැබේ.
كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ
ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝය. එහෙයින් ඔවුන් නොදැන සිටියදී ඔවුන් වෙත දඬුවම පැමිණියේය.
فَأَذَاقَهُمُ اللَّهُ الْخِزْيَ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
එවිට මෙලොව ජීවිතයේ අවමානය අල්ලාහ් ඔවුනට විඳින්නට සැලැස්වීය. තවද මතු ලොව දඬුවම අතිමහත්ය. ඔවුහු දැන සිටියාහු නම්!
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
තවද ජනයා උපදෙස් ලැබිය හැකි වනු පිණිස මෙම අල් කුර්ආනයේ සෑම උපමාවක්ම අපි ඔවුනට ගෙන හැර දැක්වූයෙමු.

Choose other languages: