Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #51 Translated in Sinhalese

لَوْ خَرَجُوا فِيكُمْ مَا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْضَعُوا خِلَالَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
ඔවුන් නුඹලා සමඟ පිටත් ව ගිය ද නුඹලාට වියවුල මිස වෙන කිසිවක් වර්ධනය නොවන්නට තිබුණි. තවද නුඹලා අතර අර්බුද ඇති කිරීමට මාන බලමින් නුඹලා අතර (කේලාම්) කියන්නට තිබුණි. තවද ඔවුන් වෙනුවෙන් සවන් දෙන්නන් ද නුඹලා අතර වෙති. තවද අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.
لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِنْ قَبْلُ وَقَلَّبُوا لَكَ الْأُمُورَ حَتَّىٰ جَاءَ الْحَقُّ وَظَهَرَ أَمْرُ اللَّهِ وَهُمْ كَارِهُونَ
මීට පෙර ද ඔවුහු අර්බුද (ඇති කිරීමට) මාන බලමින් සිටියෝය. තවද එම කටයුතු නුඹ වෙතට හැරෙව්වෝය. අවසානයේ සත්‍යය පැමිණියේය. තවද ඔවුන් පිළිකුල් කරන්නන් ව සිටිය දී අල්ලාහ්ගේ නියෝගය ප්‍රත්‍යක්ෂ විය.
وَمِنْهُمْ مَنْ يَقُولُ ائْذَنْ لِي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ
(මා නිවසෙහි රැදී සිටීමට) මට අවසර දෙනු. මා පරීක්ෂාවට ලක් නොකරනු යැයි පවසන්නන් ද ඔවුන් අතරින් වූහ. දැන ගනු. ඔවුහු අර්බුදයෙහි වැටුණහ. තවද සැබැවින්ම නිරය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වටලන්නකි.
إِنْ تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِنْ تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِنْ قَبْلُ وَيَتَوَلَّوْا وَهُمْ فَرِحُونَ
නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත් කරවනු ඇත. තවද නුඹට යම් අභාග්‍යයක් ඇති වන්නේ නම් අප මීට පෙරම අපගේ කටයුත්ත (සූදානම් කර) ගත්තෙමු යැයි පවසා ඔවුන් සතුටුවන්නන් ලෙසින් හැරී යති.
قُلْ لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට සිදු නොවන්නේමය. ඔහු අපගේ භාරකරුය. තවද දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් වෙතම (සියල්ල) භාර කළ යුතු යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: