Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #53 Translated in Sinhalese

وَمِنْهُمْ مَنْ يَقُولُ ائْذَنْ لِي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ
(මා නිවසෙහි රැදී සිටීමට) මට අවසර දෙනු. මා පරීක්ෂාවට ලක් නොකරනු යැයි පවසන්නන් ද ඔවුන් අතරින් වූහ. දැන ගනු. ඔවුහු අර්බුදයෙහි වැටුණහ. තවද සැබැවින්ම නිරය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වටලන්නකි.
إِنْ تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِنْ تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِنْ قَبْلُ وَيَتَوَلَّوْا وَهُمْ فَرِحُونَ
නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත් කරවනු ඇත. තවද නුඹට යම් අභාග්‍යයක් ඇති වන්නේ නම් අප මීට පෙරම අපගේ කටයුත්ත (සූදානම් කර) ගත්තෙමු යැයි පවසා ඔවුන් සතුටුවන්නන් ලෙසින් හැරී යති.
قُلْ لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට සිදු නොවන්නේමය. ඔහු අපගේ භාරකරුය. තවද දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් වෙතම (සියල්ල) භාර කළ යුතු යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلَّا إِحْدَى الْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَنْ يُصِيبَكُمُ اللَّهُ بِعَذَابٍ مِنْ عِنْدِهِ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوا إِنَّا مَعَكُمْ مُتَرَبِّصُونَ
(ජය හෝ වීර මරණය යන) කුසල් දෙකින් එක් ප්‍රතිලාභයක් හැර වෙනත් කිසිවක් අප තුලින් නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? නමුත් නුඹලාගේ විෂයෙහි අපි අපේක්ෂා කරන්නේ “අල්ලාහ් ඔහු වෙතින් වූ දඬුවමකින් නුඹලා හසු කර ගන්නවාද? නැත්නම් එය අපේ අතින් දෙන්නට සළස්වනවාද” යන්නයි. එබැවින් නියත වශයෙන්ම (ඔබ වෙත පැමිණිය යුතු දේ) අප ද නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය) නුඹ පවසනු.
قُلْ أَنْفِقُوا طَوْعًا أَوْ كَرْهًا لَنْ يُتَقَبَّلَ مِنْكُمْ ۖ إِنَّكُمْ كُنْتُمْ قَوْمًا فَاسِقِينَ
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරනු. නුඹලාගෙන් එය පිළිගනු නොලබන්නේමය. නියත වශයෙන්ම නුඹලා පාපතර පිරිසක් ලෙසින් සිටියෙහුය යැයි (නබිවරය) නුඹ පවසනු.

Choose other languages: