Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #28 Translated in Sinhalese

قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
අහෝ නබියරය! නුඹලාගේ පියවරුන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයන්, නුඹලාගේ කලත්‍රයන්, නුඹලාගේ පවුලේ ඥාතීන්, නුඹලා උපයන ධනය, පාඩු ලබනු ඇතැයි නුඹලා බිය වන ව්‍යාපාරය, නුඹලා ප්‍රිය කරන වාසස්ථාන අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔහුගේ මාර්ගයේ කැපවීමටත් වඩා (ඒවා) නුඹලා වෙත ප්‍රිය මනාප නම්, එවිට අල්ලාහ් ඔහුගේ නියෝගය ගෙන එන තෙක් නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ පෙන්වන්නේ නැතැයි නුඹ පවසනු.
لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِينَ
සැබැවින්ම අල්ලාහ් බොහෝ තැන්වල නුඹලාට උදව් කළේය. තවද හුනෙයින් දිනයෙහි නුඹලාගේ අධිකත්වය නුඹලා ව මවිත කළ අවස්ථාවේ නුඹලාට කිසිවක් ප්‍රයෝජනවත් නොවීය. මහපොළොව එය පුළුල් ව තිබුණ ද නුඹලාට පටු විය. පසුව නුඹලා පිටුපස හරවා පලා ගියෙහුය.
ثُمَّ أَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنْزَلَ جُنُودًا لَمْ تَرَوْهَا وَعَذَّبَ الَّذِينَ كَفَرُوا ۚ وَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ
පසුව අල්ලාහ් ඔහුගේ ශාන්තභාවය ඔහුගේ දූතයාණන් වෙත හා දේවත්වය විශ්වාස කරන්නන් වෙත පහළ කළේය. තවද නුඹලා නුදුටු සේනාවන් ඔහු පහළ කළේය. ප්‍රතික්ෂේප කළවුන්ට දඬුවම් කළේය. එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රතිවිපාකයයි.
ثُمَّ يَتُوبُ اللَّهُ مِنْ بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
ඉන් පසුව අල්ලාහ් තමන් අභිමත කරන අයට (ඔවුන්ගේ) පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِنْ فَضْلِهِ إِنْ شَاءَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ حَكِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේව ආදේශ කරන්නන් කිලිටිය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව ඔවුන් මස්ජිදුල් හරාමයට සමීප නොවිය යුතුය. තවද නුඹලා දිළිඳුකමට බිය වූයේ නම් (දැන ගනු) අල්ලාහ් අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය තුළින් ඔහු නුඹලා ව ධනවත්භාවයට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; ප්‍රඥාවන්තය.

Choose other languages: