Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #30 Translated in Sinhalese

ثُمَّ أَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنْزَلَ جُنُودًا لَمْ تَرَوْهَا وَعَذَّبَ الَّذِينَ كَفَرُوا ۚ وَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ
පසුව අල්ලාහ් ඔහුගේ ශාන්තභාවය ඔහුගේ දූතයාණන් වෙත හා දේවත්වය විශ්වාස කරන්නන් වෙත පහළ කළේය. තවද නුඹලා නුදුටු සේනාවන් ඔහු පහළ කළේය. ප්‍රතික්ෂේප කළවුන්ට දඬුවම් කළේය. එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රතිවිපාකයයි.
ثُمَّ يَتُوبُ اللَّهُ مِنْ بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
ඉන් පසුව අල්ලාහ් තමන් අභිමත කරන අයට (ඔවුන්ගේ) පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِنْ فَضْلِهِ إِنْ شَاءَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ حَكِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේව ආදේශ කරන්නන් කිලිටිය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව ඔවුන් මස්ජිදුල් හරාමයට සමීප නොවිය යුතුය. තවද නුඹලා දිළිඳුකමට බිය වූයේ නම් (දැන ගනු) අල්ලාහ් අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය තුළින් ඔහු නුඹලා ව ධනවත්භාවයට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; ප්‍රඥාවන්තය.
قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَنْ يَدٍ وَهُمْ صَاغِرُونَ
දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් අතරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන; අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නොකරන; සත්‍ය දහමට දහම් ගත නොවන අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ජිසියා) බදු තම අතින් දෙන තෙක් ඔවුන් සමඟ නුඹලා සටන් වදිනු.
وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُمْ بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ
උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුව වචනින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වෙති. අල්ලාහ් ඔවුන් ව විනාශ කරත්වා! ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?

Choose other languages: