Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #22 Translated in Sinhalese

إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلَّا اللَّهَ ۖ فَعَسَىٰ أُولَٰئِكَ أَنْ يَكُونُوا مِنَ الْمُهْتَدِينَ
අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කරනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට සලාතය විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනමා අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නොවූ අයයි. ඔවුහුමය යහ මඟ ලැබූවන් අතරින් වීමට ප්‍රමාණවත් අය වන්නෝ.
أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ ۚ لَا يَسْتَوُونَ عِنْدَ اللَّهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
හජ් වන්දනාකරුවන්ට ජලය සපයා මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන් ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? අල්ලාහ් අබියස ඔවුන් එක සමාන නොවෙති. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ පෙන්වන්නේ නැත.
الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِنْدَ اللَّهِ ۚ وَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ
විශ්වාස කොට (තම වාසස්ථාන වලින්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත පරිත්‍යාග කළවුන් අල්ලාහ් අබියස නිලයෙන් අති මහත් අය වෙති. තවද ජයග්‍රහකයෝ ඔවුහුමය.
يُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَهُمْ فِيهَا نَعِيمٌ مُقِيمٌ
ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාව, තෘප්තිය හා (ස්වර්ග) උයන් පිළිබඳ ව ඔවුනට ශුභාරංචි දන්වයි. එහි ඔවුන්ට සදා ස්ථායී සුවය ඇත.
خَالِدِينَ فِيهَا أَبَدًا ۚ إِنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ
(ඔවුහු) එහි කවදත් සදාතනිකයින් වෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අබියස අතිමහත් ප්‍රතිඵල ඇත.

Choose other languages: