Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #24 Translated in Sinhalese

الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِنْدَ اللَّهِ ۚ وَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ
විශ්වාස කොට (තම වාසස්ථාන වලින්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත පරිත්‍යාග කළවුන් අල්ලාහ් අබියස නිලයෙන් අති මහත් අය වෙති. තවද ජයග්‍රහකයෝ ඔවුහුමය.
يُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَهُمْ فِيهَا نَعِيمٌ مُقِيمٌ
ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාව, තෘප්තිය හා (ස්වර්ග) උයන් පිළිබඳ ව ඔවුනට ශුභාරංචි දන්වයි. එහි ඔවුන්ට සදා ස්ථායී සුවය ඇත.
خَالِدِينَ فِيهَا أَبَدًا ۚ إِنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ
(ඔවුහු) එහි කවදත් සදාතනිකයින් වෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අබියස අතිමහත් ප්‍රතිඵල ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا آبَاءَكُمْ وَإِخْوَانَكُمْ أَوْلِيَاءَ إِنِ اسْتَحَبُّوا الْكُفْرَ عَلَى الْإِيمَانِ ۚ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලාගේ පියවරුන් හා නුඹලාගේ සහෝදරයින් දේව විශ්වාසයට වඩා දේව ප්‍රතික්ෂේපය ප්‍රිය කළේ නම් ඔවුන් ව භාරකරුවන් ලෙස නුඹලා නොගනු. නුඹලා අතරින් කවරෙකු ඔවුන් භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ.
قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
අහෝ නබියරය! නුඹලාගේ පියවරුන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයන්, නුඹලාගේ කලත්‍රයන්, නුඹලාගේ පවුලේ ඥාතීන්, නුඹලා උපයන ධනය, පාඩු ලබනු ඇතැයි නුඹලා බිය වන ව්‍යාපාරය, නුඹලා ප්‍රිය කරන වාසස්ථාන අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔහුගේ මාර්ගයේ කැපවීමටත් වඩා (ඒවා) නුඹලා වෙත ප්‍රිය මනාප නම්, එවිට අල්ලාහ් ඔහුගේ නියෝගය ගෙන එන තෙක් නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ පෙන්වන්නේ නැතැයි නුඹ පවසනු.

Choose other languages: