Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #117 Translated in Sinhalese

مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَىٰ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ
නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.
وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لِأَبِيهِ إِلَّا عَنْ مَوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُ أَنَّهُ عَدُوٌّ لِلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَاهِيمَ لَأَوَّاهٌ حَلِيمٌ
තවද ඉබ්රාහීම් තම පියා වෙනුවෙන් සමාව ඇයැදි සිටීම ඔහුට කළ පොරොන්දුවක් මිස (වෙනෙකක්) නොවීය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරකු බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු එයින් ඉවත් විය. නියත වශයෙන්ම ඉබ්රාහීම් කරුණාවන්තය; ඉවසිලිවන්තය.
وَمَا كَانَ اللَّهُ لِيُضِلَّ قَوْمًا بَعْدَ إِذْ هَدَاهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُمْ مَا يَتَّقُونَ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
කිසියම් පිරිසකට ඔහු මඟ පෙන්වූ පසු, ඔවුන් වැළකිය යුතු දෑ ඔවුනට පැහැදිලි කරන තෙක් ඔවුන් නොමඟ යවන්නට අල්ලාහ්ට නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
إِنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۚ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු සතුය. ඔහු ප්‍රාණය දෙයි. තවද මරණයට පත් කරයි. තවද අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.
لَقَدْ تَابَ اللَّهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنْصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِنْ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُ بِهِمْ رَءُوفٌ رَحِيمٌ
නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහු ව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගියවුනට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළවුනට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. ඔවුන් අතරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද පසුව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතය; කරුණාවන්තය.

Choose other languages: