Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #119 Translated in Sinhalese

وَمَا كَانَ اللَّهُ لِيُضِلَّ قَوْمًا بَعْدَ إِذْ هَدَاهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُمْ مَا يَتَّقُونَ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
කිසියම් පිරිසකට ඔහු මඟ පෙන්වූ පසු, ඔවුන් වැළකිය යුතු දෑ ඔවුනට පැහැදිලි කරන තෙක් ඔවුන් නොමඟ යවන්නට අල්ලාහ්ට නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
إِنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۚ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු සතුය. ඔහු ප්‍රාණය දෙයි. තවද මරණයට පත් කරයි. තවද අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.
لَقَدْ تَابَ اللَّهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنْصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِنْ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُ بِهِمْ رَءُوفٌ رَحِيمٌ
නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහු ව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගියවුනට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළවුනට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. ඔවුන් අතරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද පසුව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතය; කරුණාවන්තය.
وَعَلَى الثَّلَاثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّىٰ إِذَا ضَاقَتْ عَلَيْهِمُ الْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنْفُسُهُمْ وَظَنُّوا أَنْ لَا مَلْجَأَ مِنَ اللَّهِ إِلَّا إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوا ۚ إِنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ
(යුද්ධයට නොගොස්) පසු බැස රැඳී සිටියා වූ තිදෙනාට ද (අල්ලාහ්ගේ සමාව හිමි) විය. මහපොළොව විශාල ව තිබුණ ද එය ඔවුනට පටු වී, ඔවුන්ගේ ජීවන තත්ත්වයද දුෂ්කර වී, අල්ලාහ් වෙත සරණ පතන තැනක් මිස (වෙනත් සරණක්) නොමැති බව ඔවුහු ස්ථීරව දැනගත්හ. පසුව ඔවුන් පශ්චාත්තාප වී යොමු වීම පිණිස, ඔහු ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙන කරුණා ගුණයෙන් යුක්තය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සත්‍යවාදීන් සමඟ වනු.

Choose other languages: