Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #106 Translated in Sinhalese

وَآخَرُونَ اعْتَرَفُوا بِذُنُوبِهِمْ خَلَطُوا عَمَلًا صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَى اللَّهُ أَنْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
තවද තම පාපකම් පිළිගත් වෙනත් අය ද වෙති. ඔවුහු දැහැමි ක්‍රියාවන් හා වෙනත් නපුරු ක්‍රියාවන් (එකට) මුසු කළෝය. පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දීමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණා ගුණයෙන් යුක්තය.
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
ඔවුන්ගේ වස්තු වලින් ඔවුන් පිවිතුරු කරවන, ඔවුන් ව පාරිශුද්ධ කරවන (සදකාවක්) දානයක් නුඹ ගනු. තවද නුඹ ඔවුනට ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ
නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා බවත් දානමානයන් (පිළි) ගන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා කරුණා ගුණයෙන් යුක්ත බවත් ඔවුහු නොදන්නෝ ද?
وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
‘නුඹලා ක්‍රියා කරනු. එවිට අල්ලාහ් ද ඔහුගේ ධර්මදූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹලාගේ ක්‍රියාවන් දකිනු ඇත. තවද දෘශ්‍යමානය හා අදෘශ්‍යමානය දන්නා වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ නුඹලාට ඔහු දන්වනු ඇතැ’යි (නබිවරය!) නුඹ පවසනු.
وَآخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ اللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද අල්ලාහ්ගේ නියෝගයට ප්‍රමාද කරනු ලබන වෙනත් අයද වෙති. ඔවුනට ඔහු දඬුවම් කරයි. එසේ නැතහොත් පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙයි. තවද අල්ලාහ් සර්වඥානීය; ප්‍රඥාවන්තය.

Choose other languages: