Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #107 Translated in Sinhalese

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
ඔවුන්ගේ වස්තු වලින් ඔවුන් පිවිතුරු කරවන, ඔවුන් ව පාරිශුද්ධ කරවන (සදකාවක්) දානයක් නුඹ ගනු. තවද නුඹ ඔවුනට ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ
නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා බවත් දානමානයන් (පිළි) ගන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා කරුණා ගුණයෙන් යුක්ත බවත් ඔවුහු නොදන්නෝ ද?
وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
‘නුඹලා ක්‍රියා කරනු. එවිට අල්ලාහ් ද ඔහුගේ ධර්මදූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹලාගේ ක්‍රියාවන් දකිනු ඇත. තවද දෘශ්‍යමානය හා අදෘශ්‍යමානය දන්නා වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ නුඹලාට ඔහු දන්වනු ඇතැ’යි (නබිවරය!) නුඹ පවසනු.
وَآخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ اللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද අල්ලාහ්ගේ නියෝගයට ප්‍රමාද කරනු ලබන වෙනත් අයද වෙති. ඔවුනට ඔහු දඬුවම් කරයි. එසේ නැතහොත් පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙයි. තවද අල්ලාහ් සර්වඥානීය; ප්‍රඥාවන්තය.
وَالَّذِينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِمَنْ حَارَبَ اللَّهَ وَرَسُولَهُ مِنْ قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَا إِلَّا الْحُسْنَىٰ ۖ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ
හානි සිදු කිරීමටත්, දේව ප්‍රතික්ෂේපයටත්, දේවත්වය විශ්වාස කරන්නන් අතර බෙදුම් ඇති කිරීමටත්, මීට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ සටන් කළවුනට අභය ස්ථානයක් ලෙසටත්, දේවස්ථානයක් (ඉදි කර) ගත් ඔවුහු "අපි යහපත මිස වෙනෙකක් අපේක්ෂා නොකළෙමු" යැයි දිවුරා පවසති. තවද නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් සාක්ෂි දරයි.

Choose other languages: