Surah At-Talaq Ayahs #6 Translated in Sinhalese
فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِنْكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِ مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا
(දික්කසාදයට පත්) ඔවුන්ගේ නියමිත (ඉද්දා) කාල සීමාවට ඔවුන් ළඟා වූ විට නුඹලා යහපත් අයුරින් ඔවුන්ව (භාර්යාවන් ලෙස) රඳවා ගනු. එසේ නැතහොත් නුඹලා යහපත් අයුරින් ඔවුන්ගෙන් වෙන් වනු. තවද නුඹලා අතරින් යුක්තිගරුක දෙදෙනෙකු සාක්ෂියට පත් කර ගනු. අල්ලාහ් වෙනුවෙන් එම සාක්ෂිය නුඹලා ඉටු කරනු. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරමින් සිටින්නාට මෙමගින් උපදෙස් දෙනු ලබනුයේ එලෙසයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුට බැහැර වීමේ මගක් ඇති කරයි.
وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا
තවද ඔහු නොසිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට පෝෂණය කරයි. තවද කවරෙකු අල්ලාහ් වෙත (සියල්ල) භාර කරන්නේ ද එවිට ඔහු ඔහුට ප්‍රමාණවත්ය. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ කාර්යය සිදු කරන්නාය. සෑම දෙයකටම නියමිත ප්‍රමාණයක් අල්ලාහ් ඇති කළේය.
وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ ۚ وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا
තවද නුඹලාගේ බිරියන් අතරින් ඔසප් වීමේ තත්ත්වය ගැන බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වනාහි නුඹලා ඔවුන් ගැන සැක කළෙහු නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. තවද ඔසප් තත්ත්වයට පත් නොවූ කාන්තාවන්ට ද (එලෙසමය.) ගර්භණී මාතාවන් වනාහි ඔවුන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන්ගේ ගැබිනි තත්ත්වය බහා ලීමයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය වන්නේ ද ඔහුගේ කාර්යය ඔහුට ඔහු පහසු කර දෙනු ඇත.
ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنْزَلَهُ إِلَيْكُمْ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا
එය අල්ලාහ්ගේ නියෝගයයි. ඔහු එය නුඹලා වෙත පහළ කළේය. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුගේ පාපයන් ඔහුගෙන් ඉවත් කරයි. තවද ඔහුට කුලිය මහත් සේ පිරිනමයි.
أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنْتُمْ مِنْ وُجْدِكُمْ وَلَا تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ ۚ وَإِنْ كُنَّ أُولَاتِ حَمْلٍ فَأَنْفِقُوا عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا بَيْنَكُمْ بِمَعْرُوفٍ ۖ وَإِنْ تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُ أُخْرَىٰ
නුඹලාගේ (ආර්ථික) පැවැත්ම අනුව නුඹලා වාසය කළ අයුරින්ම (ඉද්දා කාලය තුළ) ඔවුන් ව ද නුඹලා වාසය කරවනු. තවද නුඹලා ඔවුන් කෙරෙහි පීඩනය ඇති කරනු පිණිස නුඹලා ඔවුනට හිංසා නොකරනු. ඔවුන් ගර්භණී මව්වරුන් ලෙස සිටියේ නම් ඔවුන්ගේ ගැබ් (ගෙන ඇති දරුවා) ප්‍රසූත කරන තෙක් ඔවුන් වෙත නුඹලා වියදම් කරනු. නුඹලා වෙනුවෙන් (නුඹලාගේ දරුවන්ට) ඔවුන් කිරි පොවන්නේ නම් එවිට ඔවුන්ගේ කුලී නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා අතර (එය) යහපත් අයුරින් කළමනා කරණය කරනු. නුඹලා එකිනෙකා අපහසු තත්ත්වයකට පත් වූයෙහු නම් දරුවාට වෙනත් අයෙකු කිරි දෙත්වා.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
