Quran Apps in many lanuages:

Surah At-Talaq Ayahs #9 Translated in Sinhalese

ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنْزَلَهُ إِلَيْكُمْ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا
එය අල්ලාහ්ගේ නියෝගයයි. ඔහු එය නුඹලා වෙත පහළ කළේය. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුගේ පාපයන් ඔහුගෙන් ඉවත් කරයි. තවද ඔහුට කුලිය මහත් සේ පිරිනමයි.
أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنْتُمْ مِنْ وُجْدِكُمْ وَلَا تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ ۚ وَإِنْ كُنَّ أُولَاتِ حَمْلٍ فَأَنْفِقُوا عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا بَيْنَكُمْ بِمَعْرُوفٍ ۖ وَإِنْ تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُ أُخْرَىٰ
නුඹලාගේ (ආර්ථික) පැවැත්ම අනුව නුඹලා වාසය කළ අයුරින්ම (ඉද්දා කාලය තුළ) ඔවුන් ව ද නුඹලා වාසය කරවනු. තවද නුඹලා ඔවුන් කෙරෙහි පීඩනය ඇති කරනු පිණිස නුඹලා ඔවුනට හිංසා නොකරනු. ඔවුන් ගර්භණී මව්වරුන් ලෙස සිටියේ නම් ඔවුන්ගේ ගැබ් (ගෙන ඇති දරුවා) ප්‍රසූත කරන තෙක් ඔවුන් වෙත නුඹලා වියදම් කරනු. නුඹලා වෙනුවෙන් (නුඹලාගේ දරුවන්ට) ඔවුන් කිරි පොවන්නේ නම් එවිට ඔවුන්ගේ කුලී නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා අතර (එය) යහපත් අයුරින් කළමනා කරණය කරනු. නුඹලා එකිනෙකා අපහසු තත්ත්වයකට පත් වූයෙහු නම් දරුවාට වෙනත් අයෙකු කිරි දෙත්වා.
لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ ۖ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا
වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! අල්ලාහ් ලබා දී ඇති දැයට වඩා වැඩියෙන් (දෙන මෙන්) කිසිවෙකුට හෝ බල කරන්නේ නැත. දුෂ්කරත්වයෙන් පසු ව අල්ලාහ් පහසු ව ඇති කරයි.
وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُكْرًا
තම පරමාධිපතිගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන්ට පිටුපෑ ගම්මාන කොපමණක් වී ද? එවිට අපි දැඩි විනිශ්චයකින් එය විනිශ්චය කළෙමු. තවද දරුණු දඬුවමකින් අපි එයට දඬුවම් කළෙමු.
فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًا
එවිට එය එහි විෂයෙහි විපාකය භුක්ති වින්දේය. තවද එහි විෂයෙහි අවසානය පරාජයක් විය.

Choose other languages: