Surah Ash-Shura Ayahs #52 Translated in Sinhalese
فَإِنْ أَعْرَضُوا فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا الْبَلَاغُ ۗ وَإِنَّا إِذَا أَذَقْنَا الْإِنْسَانَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ الْإِنْسَانَ كَفُورٌ
එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට (දැන ගනු!) ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹව යැව්වේ නැත. දන්වා සිටීම හැර වෙනෙකක් නුඹ වෙත පැවරී නැත. තවද නියත වශයෙන්ම අපි මිනිසාට අපගෙන් වූ ආශිර්වාදයක් භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ඒ පිළිබඳ සතුටු විය. නමුත් ඔවුනට ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඇති වන්නේ නම් එවිට නියත වශයෙන්ම මිනිසා මහත් සේ ගුණමකුය.
لِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ يَهَبُ لِمَنْ يَشَاءُ إِنَاثًا وَيَهَبُ لِمَنْ يَشَاءُ الذُّكُورَ
අහස් හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවනු ඇත. තවද ඔහු අභිමත කරන අයට ගැහැනු දරුවන් පිරිනමනු ඇත. තවද ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් පිරිනමනු ඇත.
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَاثًا ۖ وَيَجْعَلُ مَنْ يَشَاءُ عَقِيمًا ۚ إِنَّهُ عَلِيمٌ قَدِيرٌ
එසේ නැතහොත් ඔවුනට පිරිමි හා ගැහැනු දරුවන් වශයෙන් යුගල ලෙස පිරිනමයි. තවද ඔහු අභිමත කරන අය වඳ බවට පත් කරයි. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානීය; සර්ව ශක්තිය ඇත්තාය.
وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ ۚ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ
තවද දිව්‍යමය හෙළිදරව්වක් වශයෙන් හෝ තිරයක් පිටුපසින් සිට හෝ එසේ නැතහොත් දූතයකු යවා තමන් අභිමත කරන දෑ තම නියෝගයෙන් ඔහු දන්වා සිටීමෙන් මිස හෝ අල්ලාහ් තමන් සමග කතා කරන්නට කිසිදු මිනිසෙකුට නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය; මහා ප්‍රඥාවන්තය.
وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا ۚ مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَٰكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِي إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ජීවමානයක් ලෙස නුඹ වෙත අපි දිව්‍යමය හෙළිදරව්ව එව්වෙමු. ධර්ම ග්‍රන්ථය කුමක්ද යන්න හෝ දේව විශ්වාසය කුමක්ද යන්න ගැන ඔබ දැන සිටියේ නැත. නමුත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයට එමගින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන් වනු ඇත.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
