Quran Apps in many lanuages:

Surah Ash-Shura Ayahs #53 Translated in Sinhalese

لِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ يَهَبُ لِمَنْ يَشَاءُ إِنَاثًا وَيَهَبُ لِمَنْ يَشَاءُ الذُّكُورَ
අහස් හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවනු ඇත. තවද ඔහු අභිමත කරන අයට ගැහැනු දරුවන් පිරිනමනු ඇත. තවද ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් පිරිනමනු ඇත.
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَاثًا ۖ وَيَجْعَلُ مَنْ يَشَاءُ عَقِيمًا ۚ إِنَّهُ عَلِيمٌ قَدِيرٌ
එසේ නැතහොත් ඔවුනට පිරිමි හා ගැහැනු දරුවන් වශයෙන් යුගල ලෙස පිරිනමයි. තවද ඔහු අභිමත කරන අය වඳ බවට පත් කරයි. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානීය; සර්ව ශක්තිය ඇත්තාය.
وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ ۚ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ
තවද දිව්‍යමය හෙළිදරව්වක් වශයෙන් හෝ තිරයක් පිටුපසින් සිට හෝ එසේ නැතහොත් දූතයකු යවා තමන් අභිමත කරන දෑ තම නියෝගයෙන් ඔහු දන්වා සිටීමෙන් මිස හෝ අල්ලාහ් තමන් සමග කතා කරන්නට කිසිදු මිනිසෙකුට නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය; මහා ප්‍රඥාවන්තය.
وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا ۚ مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَٰكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِي إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ජීවමානයක් ලෙස නුඹ වෙත අපි දිව්‍යමය හෙළිදරව්ව එව්වෙමු. ධර්ම ග්‍රන්ථය කුමක්ද යන්න හෝ දේව විශ්වාසය කුමක්ද යන්න ගැන ඔබ දැන සිටියේ නැත. නමුත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයට එමගින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන් වනු ඇත.
صِرَاطِ اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ أَلَا إِلَى اللَّهِ تَصِيرُ الْأُمُورُ
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ තමන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගය වෙත. (නබිවරය) දැන ගනු! සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙතය.

Choose other languages: