Quran Apps in many lanuages:

Surah Ar-Rum Ayahs #28 Translated in Sinhalese

وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව එය මළ පසු ව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
وَمِنْ آيَاتِهِ أَنْ تَقُومَ السَّمَاءُ وَالْأَرْضُ بِأَمْرِهِ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِنَ الْأَرْضِ إِذَا أَنْتُمْ تَخْرُجُونَ
තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහුය.
وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَهُ قَانِتُونَ
තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතුය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති.
وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
තවද මැවීම ප්‍රථමෝත්පාදනය කර පසු ව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරීය; මහා ප්‍රඥාවන්තය.
ضَرَبَ لَكُمْ مَثَلًا مِنْ أَنْفُسِكُمْ ۖ هَلْ لَكُمْ مِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ شُرَكَاءَ فِي مَا رَزَقْنَاكُمْ فَأَنْتُمْ فِيهِ سَوَاءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنْفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ
නුඹලා අතරින්ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වීය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමානද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහු ද? වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.

Choose other languages: