Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #10 Translated in Sinhalese

وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُنْ لَهُمْ شُهَدَاءُ إِلَّا أَنْفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ
තවද ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අපවාද එල්ල කොට ඔවුනට ඔවුන් හැර වෙනත් සාක්ෂිකරුවන් නොවී නම් ඔවුන් එක් අයකුගේ සාක්ෂිය වනුයේ තමන් සත්යවාදීන් අතරින් යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි දැරීමය.
وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِنْ كَانَ مِنَ الْكَاذِبِينَ
තවද තමන් මූසාවාදීන් අතරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ ශාපය අත්වේවා යැයි පස්වැනි වරට සාක්ෂි දැරීමය.
وَيَدْرَأُ عَنْهَا الْعَذَابَ أَنْ تَشْهَدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَ
තවද නියත වශයෙන්ම ඔහු මුසාවාදීන් අතරින් යැයි ඇය අල්ලාහ් මත සිව්වරක් දිවුරා සාක්ෂි දැරීම (ඇයට හිමි වන) එම දඬුවම ඇයගෙන් ඉවත් කරනු ඇත.
وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللَّهِ عَلَيْهَا إِنْ كَانَ مِنَ الصَّادِقِينَ
තවද ඔහු (ඇගේ සැමියා) සත්යවාදීන් අතරින් නම් ඇය වෙත අල්ලාහ්ගේ උදහස ඇතිවේවා! යැයි පස්වැනි වරට (ඇය) දිවුරා සාක්ෂි දැරීමය.
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ تَوَّابٌ حَكِيمٌ
තවද නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ කරුණාව නොවී නම් (නුඹලි විනාශ වී යන්නට තිබිණ) තවද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා ප්‍රඥාවන්තය.

Choose other languages: