Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #11 Translated in Sinhalese

وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِنْ كَانَ مِنَ الْكَاذِبِينَ
තවද තමන් මූසාවාදීන් අතරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ ශාපය අත්වේවා යැයි පස්වැනි වරට සාක්ෂි දැරීමය.
وَيَدْرَأُ عَنْهَا الْعَذَابَ أَنْ تَشْهَدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَ
තවද නියත වශයෙන්ම ඔහු මුසාවාදීන් අතරින් යැයි ඇය අල්ලාහ් මත සිව්වරක් දිවුරා සාක්ෂි දැරීම (ඇයට හිමි වන) එම දඬුවම ඇයගෙන් ඉවත් කරනු ඇත.
وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللَّهِ عَلَيْهَا إِنْ كَانَ مِنَ الصَّادِقِينَ
තවද ඔහු (ඇගේ සැමියා) සත්යවාදීන් අතරින් නම් ඇය වෙත අල්ලාහ්ගේ උදහස ඇතිවේවා! යැයි පස්වැනි වරට (ඇය) දිවුරා සාක්ෂි දැරීමය.
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ تَوَّابٌ حَكِيمٌ
තවද නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ කරුණාව නොවී නම් (නුඹලි විනාශ වී යන්නට තිබිණ) තවද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා ප්‍රඥාවන්තය.
إِنَّ الَّذِينَ جَاءُوا بِالْإِفْكِ عُصْبَةٌ مِنْكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّا لَكُمْ ۖ بَلْ هُوَ خَيْرٌ لَكُمْ ۚ لِكُلِّ امْرِئٍ مِنْهُمْ مَا اكْتَسَبَ مِنَ الْإِثْمِ ۚ وَالَّذِي تَوَلَّىٰ كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ
නියත වශයෙන්ම අපවාදය රැගෙන ආවේ නුඹලා අතරින් වූ පිරිසකි. නුඹලාට එය නපුරක් යැයි නුඹලා නොසිතනු. නැත, එය නුඹලාට යහපතකි. ඔවුන් අතරින් සෑම කෙනෙකුටම පාපයෙන් තමන් උපයා ගත් දෑ ඇත. ඔවුන් අතරින් එහි විශාල කොටසක් පවරා ගත් අයට මහත් වූ දඬුවමක් ඇත.

Choose other languages: